පසුගිය වැස්සේ වාසිය ලබන මාසයේ සිට විදුලි බිලට එක් කරනවා

පසුගිය කාලය තුළ ලැබුණු අධික වර්ෂාවත් සමග ජල විදුලි උත්පාදනය ඉහළ නැංවීමෙන් ලංකා විදුලිබල මණ්ඩලයට ලැබුණු වාසිය විදුලි පාරිභෝගිකයන්ට ලබා දෙනු පිණිස ලබන මාසයේ දී විදුලි බිල හා සම්බන්ධ ගාස්තු සංශෝධනයක් ගෙන එන බව විදුලිබල හා බලශක්ති රාජ්‍ය ඇමැති ඉන්දික අනුරුද්ධ මහතා පැවසීය.ලංකා විදුලිබල මණ්ඩලය ලද එම වාසිය ජනතාවගෙන් වසන් කිරීමට වෙර දරන බවට ඇතැමුන් පතුරුවන කට කතා වල කිසිදු පදනමක් නොමැති අතර අදාළ ගණනයන් සම්පූර්ණ කොට එම වාසිය විදුලි පාරිභෝගිකයන්ට ලබා දීමට යම් කාලයක් ගත වන බව ය.

 

 

කාලීන පුවත්