වී අලෙවි මණ්ඩලයේ වී මෙට්‍රික් ටොන් 43000 ක් සහල් වශයෙන් වෙළඳ පලට

වෙළෙඳපොලේ සහල් හිඟයක් පැවතීම හා මිල ඉහළ මට්ටමක පැවතීම හේතුවෙන් වී අලෙවි මණ්ඩලය සතු වී මෙට්‍රික් ටොන් 43000ක් සහල් වශයෙන් සකස් කර වෙළෙඳපොලට නිකුත් කරන්නැයි ඇමති මහින්ද අමරවීර මහතා උපදෙස් දී තිබේ.. වෙළෙඳපොලේ සහල් හිගයක් පැවතීම හා මිල ඉහළ මට්ටමක පැවතීම හේතුවෙන් ඇමතිවරයා එම තීරණය ගෙන ඇත. වර්තමානයේ විවෘත වෙළෙඳපොලේ ඇතැම් සහල් වර්ග රුපියල් 230 ත් 270 ත් අතර මුදලකට අලෙවි වුවද වී අලෙවි මණ්ඩලය සපයන සහල්වල තොග මිල හා සිල්ලර මිල ඊට වඩා අවම මට්ටමක පවතී. කෙසේ වෙතත් දැනට තමන් සතු වී තොගවලින් සහල් මෙට්‍රික් ටොන් 32 දහසක් සකසා ගත හැකි බව වී අලෙවි මණ්ඩලය කෘෂිකර්ම අමාත්‍යංශය දැනුම් දී තිබේ.

කාලීන පුවත්