ජොන්ස්ටන්ට ඇප!

 

පසුගිය 09 වන දා කොල්ලුපිටියේ සහ ගාලුමුවදොර සාමකාමී අරගල කරුවන්ට එල්ල වූ මැර ප්‍රහාරය සම්බන්ධයෙන් අත් අඩංගුවට පත් වීමට නියමිතව සිටි හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඊයේ (09) පස්වරුවේ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා හමුවේ භාරවීමෙන් අනතුරුව රුපියල් මිලියනය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැර තිබේ.එමෙන්ම සැකකාර ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට විදේශගතවීම තහනම් කළ මහෙස්ත්‍රාත් ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ විදේශ ගමන් බලපත්‍රය ද අධිකරණයට භාරදෙන ලෙස නියෝග කොට ඇත.අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ දැනුම්දීම පරිදි ප්‍රකාශයක් ලබාදීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්ථමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස ද මහේස්ත්‍රාට්‍රහ ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට නියෝග කර තිබේ.

කාලීන පුවත්