ජොන්ස්ටන් අධිකරණයට භාර වෙයි

පසුගිය 09 වනදා කොල්ලුපිටිය සහ ගාලු මුවදොර උද්ඝෝෂකයන්ට එල්ල කළ මැර ප්‍රහාරය සම්බන්ධයෙන් අත් අඩංගුවට ගැනීමට නියමිතව් සිටි හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අද(09)කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතාගේ නිල නිවසට පැමිණ භාරවී තිබේ.ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට අද රාත්‍රී 8.00ට පෙර අධිකරණයට භාරවන ලෙස අභියාචනාධිකරණය නියම කොට තිබූ අතර එතෙක් ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අත්අඩංගුවට ගැනීම සඳහා කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය විසින් නිකුත්කර ඇති වරෙන්තුව ක්‍රියාත්මක නොකරන ලෙසද අභියාචනාධිකරණය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කොට තිබිණ.

කාලීන පුවත්