“මාස්ක් එක” ට සමු දෙන්න පුළුවන්

මෙරට ජනතාව ගෘහස්ථ සහ බාහිර කටයුතුවලදී මුව ආවරණ භාවිතය අනිවාර්යය කිරීමේ නියෝගය වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කර තිබේ.නමුත් කිසියම් අයෙකුට ශ්වසන රෝග ලක්ෂණ පවතී නම් මුව ආවරණ භාවිතය වඩාත් යෝග්‍ය බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සඳහන් කරයි.මේ අතර කිසියම් අයෙකුට ස්වකැමැත්තෙන් මුව ආවරණ භාවිතයට කිසිදු බාධාවක් නොමැති බවත් එම නිවේදනයේ සඳහන් වෙයි.

කාලීන පුවත්