මහින්දානන්දට පොහොට්ටු මන්ත්‍රී පිරිසකගේ විරෝධය

අද(08) දිනයේ ඉදිරිපත් කිරීමට නියමිත විදුලි පනත ඉදිරිපත් නොකරන ලෙස ඉල්ලා විදුලිබල අමාත්‍ය කංචන විජේසේකර මහතාගෙන් ඉල්ලා සිටි හිටපු කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණු මන්ත්‍රී කණ්ඩායමකගෙන් දැඩි විරෝධයක් එල්ල වී තිබේ.වත්මන් රජයේ අසාර්ථකම ව්‍යාපෘතිය වන ශ්‍රී ලංකාවේ කෘෂිකර්මය එක් වරම කාබනික බවට හැරවීම සම්බන්ධයෙන් අවිද්‍යාත්මක පදනමක සිට කටයුතු කරමින් ජනාධිපති වරයා පවා නොමඟ යැවීමේ චෝදනාව මේ වන විට අලුත්ගමගේ මහතාට එල්ල වී තිබේ. පසුව ඒ කාබනික පොහොර ව්‍යාපෘතිය තමන්ට වූ වැරදීමක් බව ජනාධිපති වරයා පවා පිළිගෙන ඇති පසුබිමක අලුත්ගමගේ මහතා එවැන්නක් ප්‍රකාශ කොට නොසිටීම මත ඔහු කෙරෙහි මේ වන විට දේශපාලන ක්ෂේත්‍රයේ බොහෝ දෙනෙක් අප්‍රසාදය පළ කරති.

කාලීන පුවත්