වී මිල දී ගන්න ගබඩා 12ක් අද සිට සූදානම්

මේ වන විට අස්වනු කැපෙන මහ කන්නයේ වී මිල දී ගැනීම සඳහා දිස්ත්‍රික්ක 9ක වී අලෙවි මණ්ඩලයේ වී ගබඩා 12ක් අද (15) සිට විවෘතව තබන බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.ඒ හම්බන්තොට, මොණරාගල, අම්පාර, ත්‍රිකුණාමලය, මඩකලපුව, කුරුණෑගල, වව්නියාව, කිලිනොච්චිය හා අනුරාධපුර යන දිස්ත්‍රික්ක 9 හි වී අලෙවි මණ්ඩලයට අයත් ගබඩා 12ක් වශයෙනි.ඉහත දිස්ත්‍රික්ක නවය ආවරණය වන පරිදි කච්චිගල්ආර, වීරවිල, දෙහිගහලන්ද, යෝධකන්ඩිය, අළුත්වැව, වීරගොඩ, සූරංගල්, මනල්පෙඩ්ඩි, නිකවැරටිය 02, කිලිනොච්චිය, පාර්ක් රෝඩ්, කිලිනොච්චිය ආර්ථික මධ්‍යස්ථානය හා නොච්චියාගම වී ගබඩා 12 අද සිට විවෘතව තබන බව අමාත්‍යාංශය පවසයි.

කාලීන පුවත්