වෙළෙඳ ඇමතිගෙන් ඩුප්ලිකේට් ‘කීරි සම්බා’

එළඹෙන උත්සව සමයේ අවශ්‍ය සහල් සැපැයීම සඳහා කීරි සම්බා සහල් වර්ගයට සමාන සහල් තොගයක් ආනයනය කිරීමට පියවර ගත් බව වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු පැවසීය.

රටේ මහා පරිමාණ වී මෝල් හිමියන් විසින් වෙළෙඳපොළට කිරී සම්බා සහල් තොග නිකුත් නොකර තොග සඟවා ගැනීමෙන් කෘත්‍රිම ලෙස කීරි සම්බා සහ සම්බා සහල් හිඟයක් නිර්මාණය වී තිබෙන තත්ත්වය සමනය කිරීමට අමාත්‍යාංශය විසින් පියවර ගනු ලැබ ඇති බව ද ඇමතිවරයා සඳහන් කළේ ය.

කුඩා සහ මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් මුහුණදෙන ගැටලු කෙරෙහි අවධානය යොමු කර ව්‍යාපාරිකයන් සවිබල ගැන්වීමට ක්‍රමවේදයක් සැලසුම් කරන බව ද අමාත්‍යවරයා පැවසීය.

කාලීන පුවත්