ශ්‍රී ලංකාවේ ප්‍රථම සත්ව අහිංසා ස්මාරකය අද්දරින් ඇරඹුණු මුල්ම සත්ව අහිංසා වැඩ සටහන;ආරක්ෂාකාරී සර්ප දමනය

pani

පාදෙණිය ඔස්සේ අනුරාධපුර තෙක් වැටී ඇති රාජධානී පිවිසුම ප්‍රධාන මාර්ගය අද්දර ගල්ගමුවේ සෙනරත්ගම පූලංචිය වැව අද්දර ගිමන් හල පාරිසරික උද්‍යානයේ අහිංසා ශ්‍රී ලංකා සත්ව හිමිකම් සහ සුබ සාධක සංවිධානය මඟින් ස්ථාපිත කොට ඇති ශ්‍රී ලංකාවේ ප්‍රථම සත්ව අහිංසා ස්මාරකය අද්දර පැවැත්වූ සත්ව අහිංසාව තේමා කර ගත් ප්‍රථම වැඩ සටහන ඊයේ(26) එම පරිශ්‍රයේ දී පවත්වන ලදී.නිවෙස් වලට පැමිණෙන විස සහිත සර්පයන් ආරක්ෂාකාරී ලෙස ඉවත් කිරීම සම්බන්ධ ප්‍රායෝගික නිරූපණයන් සහිත මෙම වැඩ සටහන මඟින් උග්‍ර විස, මධ්‍යස්ථ විස, සුළු විස සහිත සහ විස රහිත සර්ප විශේෂ හඳුනා ගැනීම පිණිස සර්පයන් ගේ ජීවී නිදර්ශක ඉදිරිපත් කිරීමෙන්ම සිදු කරන ලදී.මේ සඳහා රුවන් දන්දෙණිය(ජාදු ),අමිත් උදයංග(හෙට්ටිපොල )සුරාජ් සාලිය(අනුරාධපුර )ප්‍රමිත් ලක්ශාන් (අනුරාධපුර )චාමිකර ලියනගේ(දෙනියාය )දිලංග මධුෂාන්(කඹුරුපිටිය)සහ සිතුම් චන්ද්‍රසේකර (අනුරාධපුර )යන සත්ව වේදීහු සහභාගී වූහ.

ශ්‍රී ලංකාවේ ප්‍රථම සත්ව අහිංසා ස්මාරකය තැනීම සම්බන්ධ සමරු කළඹ “අහිංසා” එළිදැක්වීම ද මෙහි දී සිදු කෙරුණු අතර එහි මුල් පිටපත නිදහස් පරිසර මාධ්‍යවේදී,පරිසර සංරක්ෂක,සහ වන ජීවී පර්යේෂක සුපුන් ලහිරු ප්‍රකාශ මහතා වෙත පිළිගන්වන ලදී. මෙම ගිමන් හල පාරිසරික උද්‍යානය වෙත පැමිණෙන්නවුන් ගේ ප්‍රයෝජනය උදෙසා විශේෂඥ වෛද්‍ය ප්‍රියමාලී ජයසේකර මහත්මිය ගේ මූල්‍ය පරිත්‍යාගයෙන් ස්ථාපිත කරන ලද ජල පිරිපහදු කට්ටලය ගල්ගමුව ප්‍රාදේශීය සභාවේ සභාපති වරයා වෙත භාර දීම ද මෙහි දී සිදු කරන ලදී.එහි ප්‍රථම පැන් බඳුන පූජා කරන ලද්දේ ගිරිඋල්ල,මැද්දෙපොල රජ මහා විහාරාධිපති පූජ්‍ය මිරිහානේ ධම්මපාල හිමියන් වෙතටය.මෙම අවස්ථාව සඳහා ගල්ගමුව ප්‍රාදේශීය සභා ගරු සභාපති එච්.කේ විමලරත්න,ප්‍රාදේශීය සභා ලේකම් නිමල් රත්නායක සත්ව අහිංසා ස්මාරක නිර්මාණ ශිල්පී ජේ රත්නායක අහිංසා ශ්‍රී ලංකා අධ්‍යක්ෂ වරුන් වන වෛද්‍ය විද්‍යා මහාචාර්ය නාමල් විජයසිංහ,වෛද්‍ය දිනුෂා අබේවික්‍රම,තිලක් සේනාසිංහ යන මහත්ම මහත්මීන් සමඟ ඇතුළු සත්ව අහිංසාවාදීන් සහ ප්‍රදේශ වාසීන් පිරිසක් ද මීට එක් ව සිටියහ.

එතෙර - මෙතෙර