ශ්‍රී ලාංකේය කතුන් ලිංගික ශ්‍රමය සඳහා ඕමානයට විකිණූ අයෙක් අත්අඩංගුවට

ලිංගික ශ්‍රමය සඳහා නීති විරෝධි ලෙස ශ්‍රී ලංකේය කාන්තාවන් ඕමානය වෙත රැගෙන ගිය බවට සැක කෙරෙන පුද්ගලයෙක් අද(19)උදෑසන කටුනායක ගුවන් තොටුපලේ දී අත්අඩංගුවට පත්විය. කාන්තාවන් ජාවාරමේ නිරත බවට හදුනා ගැනුණු මෙම සැකකරු අත්අඩංගුවට ගැනිම සදහා විදේශ ගමන් තහනමක් ලබාගැනීමට ද ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය කටයුතු කර තිබිණි. ඒ අනුව සැකකරු අද උදෑසන අබුඩාබි සිට මෙරටට පැමිණෙන විට ගුවන් තොටුපලේ දි අත්අඩංගුවට ගෙන කටුනායක පොලිසියට බාර දි ඇත. සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරිමට ද නියමිතය. මෙම පුද්ගලයා මෙරටට ලැබෙන රැකියා ඇබෑර්තුවලින් කාන්තාවන් ඩුබායි හි රැකියා සදහා යොමුකර තිබේ. එතැන් සිට කාන්තාවන් ලිංගික ශ්‍රමය සඳහා නීති විරෝධි ලෙස ඕමානය දක්වා රැගෙන ගොස් ඇතැයි මේ වන විට පැවැත් වු විමර්ශනවලින් අනාවරණය වේ. මොහුට එරෙහිව මිනිස් වෙළෙදාම සම්බන්ධයෙන් චෝදනා ගොනු කිරීම සදහා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව තවත් පරික්ෂණයක් ක්‍රියාත්මක කරයි.

Uncategorized