ශ‍්‍රී ලංකා රුපියල ලොව අවදානම් මුදල් ඒකක හත අතරට

ලොව ඉහළම අවදානමක් ඇති මුදල් ඒකක හත අතරට ශ‍්‍රී ලංකා රුපියල ද අයත් වන බව ජපාන මූල්‍ය සමාගමක් අනාවරණ කරයි.එම අනතුරු ඇඟවීම සිදුකර ඇත්තේ  එරට ප‍්‍රමුඛතම තැරැව්කාර සහ ආයෝජන බැංකුව වන නොමූරා මූල්‍ය සමාගම විසිනි.ශ‍්‍රී ලංකාවට අමතරව, ඊජීප්තුව, රුමේනියාව, තුර්කිය, චෙක් ජනරජය, පාකිස්ථානය සහ හංගේරියාව යන රටවල මුදල් ඒකක ද ඉහළම අවදානමක් ඇති මුදල් ඒකක ලෙස අදාළ සමාගම විසින් ප‍්‍රකාශයට පත්කර ඇත.

කාලීන පුවත්