සත්ව ගොවිපොළ 14,000කටත් වඩා වැසී යාමේ අවදානමක්;ලොකුම හේතුව හරක් හොරු

මෙරට ඇති සත්ව ගොවිපොළවල් වලින් 14,000 ඉක්මවා යන ප්‍රමාණයක් වැසී යාමේ අවදානමකට ලක් ව ඇති බව අනාවරණය වී තිබේ.ඒවායින් බහුතරයක් කුඩා ප්‍රමාණයේ ගොවිපොළවල් බවත්, දිනෙන් දින ඉහළ යන ගව සොරකම හේතුවෙන් වැඩි වශයෙන් මෙම ගොවිපොළවල් වැසී යාම සිදුවී ඇති බවත් පසුගියදා රැස්වූ කෝපා කමිටුව හමුවේ දී අනාවරණය වී තිබේ.මීට අමතරව ගවයින් සඳහා අවශ්‍ය තෘණ භූමි විනාශවීම සහ ඉඩම් ආශ්‍රිත ගැටලු ද මේ සඳහා හේතුවී ඇති බව අනාවරණය වී තිබේ.ඒ අනුව පැහැදිලි දත්ත නිවැරදිව පවත්වාගෙන යාම සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විසින් සිදු කළ යුතු අතර පවතින දත්ත යාවත්කාලීන කරගනිමින් දත්ත පද්ධතිය සක්‍රීයව පවත්වාගෙන යාමේ වැදගත්කම මෙහිදී කමිටුව අවධාරණය කර තිබේ.

කාලීන පුවත්