සනත් නිශාන්තගෙන් හිස් වූ පාර්ලිමේන්තු අසුන ජගත් ප්‍රියංකරට

අද (25) අළුයම සිදුවූ හදිසි රිය අනතුරකින් ජීවිතක්ෂයට පත්වූ රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාගෙන් පුරප්පාඩු වන පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සඳහා පසුගිය මැතිවරණයට ඉදිරිපත් වූ ජගත් ප්‍රියංකර මහතා සුදුසුකම් ලබා තිබේ.2020 පාර්ලිමේන්තු මැතිවරණයේ දී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට පුත්තලම දිස්ත්‍රික්කයෙන් ආසන පහක් හිමි වූ අතර එහිදී මනාප 80,082 ලබා ගනිමින් සනත් නිශාන්ත මහතා එම දිස්ත්‍රික්කයේ පළමුවැනියා බවට පත්විය.එමෙන්ම, ප්‍රියංකර ජයරත්න, අරුන්දික ප්‍රනාන්දු, චින්තක අමල් මායාදුන්න සහ අශෝක ප්‍රියන්ත යන මහත්වරු සෙසු ආසන හතර හිමි කර ගත්මනාප 40527ක් ලබා ගනිමින් එම ලැයිස්තුවේ හයවැනි ස්ථානය ජගත් ප්‍රියංකර මහතාට හිමිවිය.

කාලීන පුවත්