සනත් නිශාන්ත අභාවය පක්ෂයටත් රටටත් ජාතියටත් විශාල පාඩුවක්

රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ අභාවය පක්ෂයටත් රටටත් ජාතියටත් විශාල පාඩුවකැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කරයි.ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ අද(25) අලුයම කොළඹ-කටුනායක අධිවේගී මාර්ගයේ දී රිය අනතුරකින් හදිසියේ අභාවප්‍රාප්ත වූ රාජ්‍ය ඇමති සනත් නිශාන්ත මහතාගේ කොළඹ පිහිටි නිවසට ගොස් ඔහුගේ පවුලේ ඥාතීන් හට ශෝකය ප්‍රකාශ කිරීමෙන් පසුව මාධ්‍ය අමතමිනි.සනත් නිශාන්ත මහතා පසුගිය කාලය තුළ පක්ෂයේ සෑම කටයුත්තක දීම පෙරමුණ ගෙන ක්‍රියා කළ අතර එතුමාගේ සේවය එක් පළාතකට පමණක් සීමා නොවූ බව ද මහින්ද රාජපක්ෂ මහතා කීය.

කාලීන පුවත්