සයිනොෆාම් එන්නත ලබා දුන් හැටට වැඩි අයට වෙනත් එන්නතකින් තෙවන මාත්‍රාවක් දෙන්න

සයිනොෆාම් එන්නත් මාත්‍රා දෙකම ලබා දී ඇති වයස අවුරුදු හැටට වැඩි සහ දුර්වල ප්‍රතිශක්තියකින් යුතු අයට ෆයිසර්,මොඩර්නා,ස්පුට්නික් යන එන්නත් වර්ගයකින් තුන් වන මාත්‍රාවක් ලබා දිමට රජයට යෝජනා කරන බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය නිවේදනයක් නිකුත් කරමින් කියයි.බහරේන් හි කරන ලද පර්යේෂණයකට අනුව සයිනොෆාම් එන්නත් ලබා දුන් පුද්ගලයන්ට එන්නත් නොකළ පුද්ගලයන්ට සාපේක්ෂව මරණ සහ ජීවිත හානි ඇති වීමේ අඩු අගයක් පෙන්නුම් කළ ද ඉහත සඳහන් සෙසු එන්නත් ලබා දුන් පුද්ගලයන්ට වඩා සයිනොෆාම් එන්නත් මාත්‍රා දෙකම ලබා දී ඇති වයස අවුරුදු හැටට වැඩි සහ දුර්වල ප්‍රතිශක්තියකින් යුතු අය රෝහල් ගත වීමේ වැඩි සම්භාවිතාවක් පෙන්නුම් කරන බවත් එම නිවේදනයේ දැක්වෙයි.

කාලීන පුවත්