සාමාන්‍ය පෙළ දරුවන්ට විභාග දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය හෙට (29) ආරම්භ වීමට නියමිත අතර එය ලබන මස 08 වනදා දක්වා පැවැත්වීමට නියමිතයි.

විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර පැවසුවේ පොලිසියට අමතරව ත්‍රිවිධ හමුදාවද ආරක්ෂක කටයුතු සදහා යොදවන බවයි.

එමෙන්ම විභාග මධ්‍යස්ථානවලට පැමිණීමේදී මදුරු දෂ්ටනයෙන් වැළකී සිටීමට අවශ්‍ය පූර්ණ ක්‍රමෝපායන් භාවිත කරන ලෙසට අයදුම්කරුවන්ගෙන් ඉල්ලා සිටින බවද විභාග කොමසාරිස් ජනරාල්වරයා පවසයි.

විභාගය ආරම්භ වී මිනිත්තු 30 කට පසු කිසිදු අපේක්ෂකයෙකුට විභාග මධ්‍යස්ථාන වෙත ඇතුළු වීමට ඉඩ ලබා නොදෙන බැවින් නියමිත වේලාවට විභාග මධ්‍යස්ථාන වෙත පැමිණෙන ලෙස ද අපේක්ෂකයින්ගෙන් මෙහිදී ඉල්ලීමක් කරයි.

පාසල් අයදුම්කරුවන් තුන් ලක්ෂ 94,450 දෙනෙකු සහ පෞද්ගලික අයදුම්කරුවන් 78,103 දෙනෙකු මෙවර විභාගය සඳහා පෙනී සිටින බවයි විභාග කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් සදහන් කරයි.

කාලීන පුවත්