සාම පාගමනට බාධා නොකරන්න: මහජනතාවට පොලීසියෙන් විශේෂ දැනුම්දීමක්

ජාත්‍යන්තර අවධානය දිනාගනිමින් මෙරට සංචාරය කරන සාම පාගමන සාර්ථක කර ගැනීම සඳහා උපරිම සහාය ලබාදෙන ලෙසත්, එම අවස්ථාවේදී අතිශය විනයානුකූලව සහ සංයමයෙන් හැසිරෙන ලෙසත් ශ්‍රී ලංකා පොලීසිය මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි.පාගමන ගමන් කරන මාර්ගය දෙපස විශාල ජනකායක් එක්රැස් වෙමින් පවතින අතර, එහිදී සිදුවන ඇතැම් අසංවිධානාත්මක හැසිරීම් හේතුවෙන් මෙම දැනුම්දීම සිදුකර තිබේ.
පාගමනේ නිරත ගරුතර ස්වාමීන් වහන්සේලා ඇතුළු දූත පිරිසට බාධා නොවන අයුරින් කටයුතු කිරීම සහ උන් වහන්සේලාගේ ආරක්ෂාව තහවුරු කිරීමට සහාය වීම ශ්‍රී ලංකා පොලීසිය අපේක්ෂා කරන අතර ඇතැම් ස්ථානවල ජනතාව තල්ලු කරගැනීම සහ තෙරපීම වැනි අවිවේකී හැසිරීම් වාර්තා වී ඇති බැවින් එවැනි ක්‍රියාවලින් වළකින ලෙස දන්වා සිටියි.එමෙන්ම අනවශ්‍ය ලෙස සමීප වෙමින් ඡායාරූප හා වීඩියෝ ගත කිරීම මගින් පාගමනේ ගමනාගමනයට බාධා නොකළ යුතු බවත්.මෙම පාගමනට එක්ව සිටින ලොව පුරා ජනප්‍රිය ‘ආලෝක’ සුනඛයා ස්පර්ශ කිරීමට හෝ ඌට බාධා වන අයුරින් හැසිරීමෙන් වළකින ලෙස ද පොලීසිය අවධාරණය කරයි.මෙම ගෝලීය සාම පාගමන ශ්‍රී ලංකාවට ගෞරවයක් ගෙන දෙන අවස්ථාවක් බැවින්, ශ්‍රී ලාංකික අනන්‍යතාවය සුරකිමින් අභිමානවත් ලෙස සහ සංයමයෙන් යුතුව ඊට සහභාගී වන ලෙස ශ්‍රී ලංකා පොලීසිය වැඩිදුරටත් ඉල්ලා සිටියි.

කාලීන පුවත්