සාම පා ගමන අද දඹුල්ලෙන් ඇරඹෙයි

ජාත්‍යන්තර ප්‍රසිද්ධියට පත් ”Walk For Peace’ සාමයේ පා ගමන අද (22) උදෑසන 6.30ට දඹුල්ලෙන් ආරම්භ විය.

භික්ෂූන් වහන්සේ 200 නමකට වැඩි පිරිසක් පසුගිය ඔක්තෝබර් මස ඇමරිකාවේ ටෙක්සාස් සිට වොෂින්ටනය දක්වා ප්‍රාන්ත 10ක් පසුකරමින් දින 110ක් පුරා සාමය වෙනුවෙන් පාගමනේ නිරත වුණේ මුළු මහත් ලෝකයේම අවධානය දිනා ගනිමින්.

එය ”ඒහිපස්සිකෝ ”සාමයේ පාගමන නමින් අප්‍රේල් 28වනදා දක්වා රාජ්‍ය අනුග්‍රහය සහිතව මෙරටදී පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබේ.

කාලීන පුවත්