සියළුම දුරකථන සහ අන්තර් ජාල සේවා ගාස්තු ඉහළට

ඊයේ (03) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සියළුම දුරකථන සහ අන්තර් ජාල සේවා ගාස්තු ඉහළ ගොස් තිබේ.ඒ විදුලි සංදේශ බද්ද ඉහළ නැංවීම හේතුවෙනි.මෙතෙක් සියයට 11.25 ක්ව පැවති එම බද්ද සියයට 15 දක්වා ඉහළ දමා ඇති බව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව ප්‍රකාශ සඳහන් කරයි.එකතු කළ අගය මත බද්ද හෙවත් වැට් බද්ද 8% සිට 12% දක්වා වැඩි කිරීමට රජය පසුගියදා තීරණය කොට තිබේ. ඒ අනුව මෙම තත්වයට සාපේක්ෂව සියළුම ස්ථාවර,ජංගම දුරකතන සහ අන්තර්ජාල සේවා ගාස්තු ඉහළ නැංවී තිබේ.

කාලීන පුවත්