අගමැති එජාප කටයුතු වලින් ඉවත් වෙයි.

වර්තමානයේ රට වැටී තිබෙන අගාධයෙන් ගොඩ ගැනීම සඳහා සිය සම්පූර්ණ කාලයම යෙදවීම පිණිස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු ඇතුළු සියලු වගකීම් දෙවැනි පෙළ නායකයන් වෙත පැවරීමට තීරණය කර තිබේ.සිරිකොත එජාප මූලස්ථානයේදී පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් සමග පැවති සාකච්ඡාවකදී රනිල් වික්‍රමසිංහ මහතා සිය තීරණය ප්‍රකාශයට පත්කර ඇත.ඒ අනුව පක්ෂයේ දේශපාලන කටයුතුවල සියලු වගකීම් පක්ෂ ලේකම් පාලිත රංගෙ බණ්ඩාර මහතාට පවරා ඇති අතර.පක්ෂ ප්‍රතිසංවිධාන කටයුතුවල නායකත්වය රුවන් විජේවර්ධන මහතාට පවරා තිබේ. ඒ අනුව මින් ඉදිරියට රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂයේ කිසිදු කටයුත්තකට මැදිහත් නොවනු ඇත.

කාලීන පුවත්