ලෝක මලල ක්‍රීඩා සංගමය ඊයේ (10) ප්‍රකාශයට පත් කරන ලද නවතම හෙල්ල විසි කිරීමේ ලෝක ශ්‍රේණිගත කිරීම්වල තුන්වන ස්ථානය දක්වා පැමිණීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත්ව තිබේ.
පසුගියදා ඉතාලියේ රෝම නුවර පැවති ඩයමන්ඩ් ලීග් මලල ක්‍රීඩා තරගාවලියේදී හෙල්ල විසිකිරීමේ තරගය රොමේෂ් ජයගත්තේ නව වාර්තාවන් කිහිපයක් අලුත් කරමින්.එහිදී ඔහු හෙල්ල විසි කළ දුර ප්‍රමාණය 92.62 ක්.ඒ අනුව ජාත්‍යන්තර මළල ක්‍රීඩා සංගමය හෙල්ල විසි කිරීමේ ශ්‍රේණිගත කිරීම්හි නව වාර්තා ඊයේ එළි දක්වා තිබේ.ඒ අනුව රුමේෂ් තරංග ලෝකයේ හෙල්ල විසි කිරීමේ ක්‍රීඩකයන් අතර තුන්වන ස්ථානයට පත්ව තිබේ.
ඔහු ලබාගෙන ඇති ශ්‍රේණිගත ලකුණු සංඛ්‍යාව 1324 ක් 1360 ක් ලබාගත් ජර්මන් ක්‍රීඩක ජුලියට් වෙබර් ප්‍රථම ස්ථානයට පත්ව ඇති අතර ග්‍රෙනඩා රාජ්‍යයේ ඇඩ්ර්සන් පීටර්සන් දෙවන ස්ථානයේ පසුවන්නේ රුමේෂ් තරංගට වඩා ලකුණු 2 ක පරිතරයකින්.
ඒ අනුව ඔහු ලබා ඇති ලකුණු සංඛ්‍යාව 1326 ක්.ඔලිම්පික් පදක්කම් ලාභීන් රැසක් අභිබවා ශ්‍රේණිගත කිරීම් හි ඉදිරියට පැමිණි රුමේෂ් තරංග ශ්‍රී ලංකාවේ අනාගත ඔලිම්පික් බලාපොරොත්තුව බව අප කාගේත් නොරහසක්.