ඇමරිකාව සමඟ පවතින සන්නද්ධ ගැටුම් නිමා කිරීම සඳහා වන එකඟතාවයන් ‘ඉතා ආසන්න මට්ටමක’ පවතින බව ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරාග්චි පවසයි.
ඔහු කියා සිටියේ ඊට හෝමුස් සමුද්‍ර සන්ධිය නැවත විවෘත කිරීම ද ඇතුළත් බවයි.
ඉරානයට එරෙහිව පනවා ඇති එක්සත් ජනපද අවහිර කිරීම් ඉවත් කිරීම ද මෙම ගිවිසුමට ඇතුළත් වන අතර, ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන සම්බන්ධ සාකච්ඡා පසුව ආරම්භ කිරීමට නියමිත බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.