වෙළඳසලකින් භාණ්ඩ මිලදී ගෙන හෝ ඉන්ධන පිරවුම්හලකින් සේවාව ලබාගෙන පිටතට එන සෑම අවස්ථාවකදීම අප අතට කුඩා බිල් කැබැල්ලක් ලැබෙයි. ඒ අප විසින් ගෙවන ලද මුදලට ලැබෙන රිසිට්පතයි. බැංකු ටෙලර් යන්ත්‍රයකින් (ATM) මුදල් ලබාගත් විට හෝ තැන්පත් කළ විට ද එවැනිම රිසිට්පතක් අපට ලැබෙයි. අප අතට පත් වන, කළු පැහැයෙන් අකුරු පැහැදිලිව මුද්‍රණය කර ඇති මෙම රිසිට්පත් දෙස අප බලන්නේ ඉතා සාමාන්‍ය ලියවිල්ලක් ලෙසය. බොහෝ දෙනෙක් එය නොසලකා හැර පසුම්බියට දමා ගනිති. නැතහොත් නිවසට ගිය වහාම කුඩා දරුවන්ගේ අතට හසුවන තැන්වල පවා දමති. නමුත් මේ සුදු පැහැති කඩදාසිය පිටුපස මිනිස් සිරුරට අතිශයින්ම අහිතකර, සෙමින් ක්‍රියාත්මක වන රසායනික බෝම්බයක් සැඟවී ඇති බව ඔබ දන්නවාද? නවතම වෛද්‍ය පර්යේෂණ සහ ගෝලීය සෞඛ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ මෙම සාමාන්‍ය රිසිට්පත් අතින් ඇල්ලීම පවා දීර්ඝකාලීනව පිළිකා ඇතුළු බරපතළ රෝගාබාධ රැසකට මුලපිරීමක් විය හැකි බවයි.

Uncategorized