මහනුවර ඓතිහාසික ඇසළ පෙරහැර මංගල්‍යයට දින නියම වෙයි

2025 කන්ද උඩරට ඓතිහාසික ඇසළ පෙරහැර මහා මංගල්‍යයට දින නියම කර තිබේ. දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල සඳහන් කළේ සතර මහා දේවාලයන්හී සුබ නැකතට කප් සිටුවීමෙන් ජූලි මස 25වනදා ඇසළ පෙරහර මංගල්‍යය ආරම්භ කරන බවයි.

මහනුවර ඇසළ පෙරහැර වීදී සංචාරය කරන දින වකවානු දැනුම්දීම සහ ඊට අදාළ සංවිධාන කටයුතු සාකච්ඡා කිරීම වෙනුවෙන් ශ්‍රී දළදා මාලිගාවේ රන් ආවුද මණ්ඩපයේ පැවති සාකච්ඡාවේදී දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මේ බව සඳහන් කරයි.

දේවාල අභ්‍යන්තර පෙරහැර දින 05ක් පැවැත්වීමෙන් අනතුරුව ප්‍රථම කුඹල් පෙරහැර ජුලි 30 වනදා වීදී සංචාරය කිරීමට නියමිතයි.කුඹල් පෙරහැර ජුලි 30 සිට අගෝස්තු 03දක්වා වීදී සංචාරය කිරීමෙන් පසු අගෝස්තු 04වනදා ප්‍රථම රන්දෝලි පෙරහැර වීදී සංචාරය කරන බව දියවඩන නිලමේවරයා සඳහන් කරයි.

අවසන් රන්දෝලි මහ පෙරහැර නිකිණි පුන් පොහොය දින (08) රාත්‍රියේ වීදි සංචාරය කිරීමට සැලසුම් කර තිබෙන බවයි වාර්තා වෙයි.

කාලීන පුවත්