වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක ජනාධිපතිවරණයට පෙර ප්‍රකාශ කළ පරිදි විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමට ජාතික ජනබලවේග රජය සූදානම් බව වාර්තා වේ. ඒ අනුව එම යෝජනාව ළඟදීම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත්කිරීමට නියමිත ය. වත්මන් ජනාධිපති වරයා ජනාධිපතිවරණයට පෙර ප්‍රකාශ කළේ විධායක ජනාධිපති ධුරය අහෝසි කර නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හඳුන්වා දෙන බවයි. එහෙත් මේ වනතුරු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයක් පත් කිරීමක් හෝ ඊට අදාළ මූලික කටයුතු හෝ සිදුකර නොමැත .ආණ්ඩුව විධායක ජනාධිපති ක්‍රමය අහෝසි නොකරන්නේ නම්, එම යෝජනාව පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට විපක්ෂය දැනටමත් තීරණය කර ඇති බව ද විපක්ෂයේ ආරංචිමාර්ග පවසයි..