2025 ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල අන්තර්ජාලයට

2025 ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් කර තිබේ. ඒ අනුව විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන www.doenets.lk සහ http://www.results.exams.gov.lk/ යන වෙබ් අඩවිවලට පිවිසීමෙන් ප්‍රතිඵල ලබාගත හැකියි.

එම විභාගයේ උත්තර පත්‍ර පරික්‍ෂා කිරීම පසුගිය 22වැනිදා සිට 27 වැනිදා දක්වා සිදු කෙරුණු බව එම දෙපාර්තමේන්තුව පවසා සිටියි.මෙම වසරට අදාළ 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය පසුගිය අගෝස්තු 10 වනදා පැවැත් විය.

මෙවර ශිෂ්‍යත්ව විභාගය සඳහා සිංහල මාධ්‍යයෙන් අයදුම්කරුවන් 231,638ක් සුදුසුකම් ලබා සිටි අතර දෙමළ මාධ්‍යයෙන් සුදුසුකම් ලබා සිටි අයැදුම්කරුවන් සංඛ්‍යාව 76,313ක්.අනුව සම්පූර්ණ අයදුම්කරුවන් 307,951ක් විභාගයට පෙනී සිටිනලදි.

කාලීන පුවත්