ඇෆ්ගනිස්ථානය පරාජය කළ ශ්‍රී ලංකාවට සුපිරි 4 වටයට

කුසල් මෙන්ඩිස්ගේ සුපිරි පිතිහරඹය හේතුවෙන් මෙවර ආසියානු කුසලාන විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ සුපිරි 4 වටයට අපරාජිතව සුදුසුකම් ලබාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකිවිය.

‘බී’ කාණ්ඩයේ තරග අවසන් කරමින් අඩුබාබි හිදී ඊයේ (18) පැවති මෙම තීරණාත්මක තරගයෙන් ඇෆ්ගනිස්තාන කණ්ඩායම කඩුලු 6කින් පරාජය කර ඔවුන් මෙම අවස්ථාව හිමිකරගතේය.

මෙහිදී ඇෆ්ගනිස්තාන කණ්ඩායමෙන් හිමි වූ ලකුණු 170ක ඉලක්කය කඩුලු 4ක් පමණක් දැවී තිබියදී පසුකර යාමට ශ්‍රී ලංකාවට හැකිවිය.

එහිදී අනගි ඉනිමක් ක්‍රීඩාකළ ආරම්භක පිතිකරු කුසල් මෙන්ඩිස් නොදැවී ලකුණු 74ක් රැස්කළේය.

කාලීන පුවත්