ශ්‍රී ලංකාව සිය අභ්‍යවකාශ විද්‍යාත්මක ගමන් මගෙහි තවත් සුවිශේෂී ජයග්‍රහණයක් පසුගියදා සනිටුහන් කළේය. ඒ, මෙරට තුන්වන පර්යේෂණ චන්ද්‍රිකාව වන ‘BIRDS-X Dragonfly’ සැප්තැම්බර් 19 වන දින ප.ව. 2.20ට සාර්ථකව කක්ෂගත කිරීමත් සමගිනි. මොරටුව ආතර් සී. ක්ලාක් ආයතනය (Arthur C. Clarke Institute for Modern Technologies – ACCIMT) විසින් මෙම ජයග්‍රහණය නිවේදනය කරන ලදි. මෙය ශ්‍රී ලංකාවේ අභ්‍යවකාශ තාක්ෂණික හැකියාවන් සහ ජාත්‍යන්තර සහයෝගීතාවයේ වර්ධනයක් පෙන්නුම් කරයි.
‘Dragonfly’ චන්ද්‍රිකාව පසුගිය මාසයේ අගෝස්තු 24 වන දින නාසා (NASA) ආයතනය විසින් දියත් කරන ලද SpaceX-33 මෙහෙයුම ඔස්සේ ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය (ISS) වෙත ගෙන යන ලදි. එතැන් සිට ජපාන අභ්‍යවකාශ ගවේෂණ ආයතනය (JAXA) විසින් එය කක්ෂයට මුදා හැරීම සිදු කරන ලදි. මේ සමගම ශ්‍රී ලංකාවේ නවතම අභ්‍යවකාශ යානය නිල වශයෙන් පෘථිවි කක්ෂයේ ස්ථානගත විය.
මෙම ජයග්‍රහණයේ ඇති විශේෂත්වය වන්නේ මේ සඳහා ශ්‍රී ලංකාවට කිසිදු මූල්‍යමය වියදමක් දැරීමට සිදු නොවීමයි. Amateur Radio Digital Communications (ARDC) සංවිධානය විසින් ව්‍යාපෘතිය සඳහා මුදල් යෙදවූ අතර, තාක්ෂණික හා අනෙකුත් සහය ජපානයේ කියුෂු තාක්ෂණ ආයතනයෙන් (Kyutech) සහ තවත් ජාත්‍යන්තර හවුල්කරුවන් කිහිප දෙනෙකුගෙන් ලැබී ඇත.
මෙම ජයග්‍රහණයේ ඇති විශේෂත්වය වන්නේ මේ සඳහා ශ්‍රී ලංකාවට කිසිදු මූල්‍යමය වියදමක් දැරීමට සිදු නොවීමයි. Amateur Radio Digital Communications (ARDC) සංවිධානය විසින් ව්‍යාපෘතිය සඳහා මුදල් යෙදවූ අතර, තාක්ෂණික හා අනෙකුත් සහය ජපානයේ කියුෂු තාක්ෂණ ආයතනයෙන් (Kyutech) සහ තවත් ජාත්‍යන්තර හවුල්කරුවන් කිහිප දෙනෙකුගෙන් ලැබී ඇත.
සාමාන්‍යයෙන් චන්ද්‍රිකා කිලෝග්‍රෑම් සිය ගණනක් හෝ දහස් ගණනක් බර වුවත්, ‘BIRDS-X Dragonfly’ යනු නැනෝ චන්ද්‍රිකාවකි. එනම්, එහි බර කිලෝග්‍රෑම් දහයකටත් වඩා අඩු වන අතර, අතින් ගෙන යා හැකි තරම් කුඩාය. කියුබ්සැට් (CubeSat) ප්‍රමිතියට අනුව නිපදවා ඇති නැනෝ චන්ද්‍රිකා ප්‍රමාණයෙන් කුඩා, පහසුවෙන් වෙනස් කළ හැකි සහ අඩු වියදම් වන නිසා පර්යේෂණ හා පර්යේෂණාත්මක කටයුතු සඳහා කදිම වේදිකාවකි.
අනෙක APRS Digipeater එකක් ලෙස ක්‍රියා කිරීමය. APRS Digipeater යනු ආධුනික ගුවන්විදුලි ක්‍රියාකරුවන් විසින් භාවිතා කරන විශේෂිත රේඩියෝ උපකරණයකි. ‘APRS’ යන්නෙහි අරුත Automatic Packet Reporting System යන්නයි. සරලව කිවහොත්, මෙය රේඩියෝ සංඥා ලබාගෙන ඒවා නැවත විකාශනය කරන ස්වයංක්‍රීය පුනරාවර්තකයකි. එමගින් ලොව පුරා සිටින ආධුනික ගුවන්විදුලි ක්‍රියාකරුවන්ට සංඥා සම්ප්‍රේෂණය කිරීමට සහ චන්ද්‍රිකා සන්නිවේදනයන් පරීක්ෂා කිරීමට අවස්ථාව ලබා දීම.
තෙවැන්න වන්නේ ‘store-and-forward’ සන්නිවේදන පද්ධතියක් නිරූපණය කිරීමය. Store-and-forward’ සන්නිවේදන පද්ධතියක් යනු තොරතුරු ක්ෂණිකව යවනවා වෙනුවට, යම් කාලයක් සඳහා ගබඩා කර පසුව සම්ප්‍රේෂණය කරන ක්රමයකි. මෙම ක්රමයේ මූලික පියවර තුනක් ඇත: පළමුවැන්න වන්නේ ගබඩා කිරීම (Store) ය. පණිවිඩයක් මුලින්ම ග්‍රාහකය වෙත ළඟා වූ විට, එය ක්ෂණිකව ඉදිරියට යවන්නේ නැත. ඒ වෙනුවට, එය පද්ධතියේ මතකයේ හෝ දත්ත ගබඩාවක තාවකාලිකව ගබඩා කර තබා ගනී. දෙවැන්න පසුකාලීනව ඉදිරියට යැවීම (Forward) ය. තෙවැන්න වන්නේ එම ගබඩා කළ පණිවිඩය ඊළඟ ගමනාන්තය වෙත යැවීමය.
‘BIRDS-X Dragonfly’ චන්ද්‍රිකාවේ මෙම පද්ධතිය තිබීම නිසා, පණිවිඩයක් එක ප්‍රදේශයකින් චන්ද්‍රිකාවට උඩුගත කළ හැකිය. එම පණිවිඩය චන්ද්‍රිකාවේ මතකයේ ගබඩා වී, චන්ද්‍රිකාව ලෝකයේ වෙනත් ප්‍රදේශයක් හරහා ගමන් කරන විට, එම පණිවිඩය පහළට සම්ප්‍රේෂණය කළ හැකිය.
මෙම ක්‍රමය විශේෂයෙන්ම ප්‍රයෝජනවත් වන්නේ අඛණ්ඩ සන්නිවේදන සම්බන්ධතාවයක් නොමැති අවස්ථාවලදී හෝ දුරස්ථ ප්‍රදේශවල දත්ත ලබා ගැනීම සඳහායි.
මෙම තාක්ෂණයන් පර්යේෂණාත්මක වුවත්, අඩු වියදම් සහ පහසුවෙන් ප්‍රවේශ විය හැකි අභ්‍යවකාශ යෙදවුම් දියුණු කිරීම සඳහා ඉතා වැදගත් වේ. මේවා, අධික පිරිවැයකින් තොරව අභ්‍යවකාශ පර්යේෂණවලට දායක වීමට අපේක්ෂා කරන ශ්‍රී ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවතින රටවල අනාගත නැනෝ චන්ද්‍රිකා ව්‍යාපෘති සඳහා මග විවර කරයි.
ශ්‍රී ලංකාවේ අභ්‍යවකාශ පර්යේෂණ අරමුණු සඳහා මූලිකත්වය ගෙන කටයුතු කරන්නේ ආතර් සී. ක්ලාක් ආයතනයයි. 2019 වසරේදී, කියුටෙක් ආයතනය මූලිකත්වය ගෙන ක්‍රියාත්මක කළ වැඩසටහනක් යටතේ ශ්‍රී ලංකාවේ ඉංජිනේරුවන් මෙරට පළමු නැනෝ චන්ද්‍රිකාව වන රාවණා-1 සඳහා දායක විය. එය 2019 අප්‍රේල් 17 වැනිදා කක්ෂ ගත කරනු ලැබිණි. 2022 දී, තවත් ජාත්‍යන්තර සහයෝගීතාවයක් වූ කිත්සුනේ (Kitsune) චන්ද්‍රිකාවට ද ආතර් සී. ක්ලාක් ආයතනය ප්‍රධාන කාර්යභාරයක් ඉටු කළේය. එය 2022 මාර්තු 24 වැනිදා කක්ෂ ගත කරනු ලැබිණි.
එබැවින් ‘BIRDS-X Dragonfly’ යනු තවත් එක් චන්ද්‍රිකාවක් පමණක් නොවේ; එය පසුගිය වසර පහ තුළ ශ්‍රී ලංකාව ලබා ඇති අත්දැකීම් සහ එහි දායකත්වයන්ගේ දියුණුව පෙන්නුම් කරන අඛණ්ඩ ක්‍රියාවලියක කොටසකි. මෙම ව්‍යාපෘතිය, විශේෂයෙන්ම තරුණ හා වෘත්තීය ජීවිතයේ මුල් අවදියේ සිටින ශ්‍රී ලාංකික ඉංජිනේරුවන්ට අභ්‍යවකාශ යානා සැලසුම් කිරීම, සංවර්ධනය කිරීම සහ මෙහෙයවීම සම්බන්ධයෙන් වටිනා ප්‍රායෝගික පුහුණුවක් ලබා දී ඇත.
මෙම ව්‍යාපෘතිය මුලින්ම යෝජනා කර ඇත්තේ ආතර් සී. ක්ලාක් ආයතනයේ හිටපු අධ්යක්ෂ ජනරාල් ඉංජිනේරු ආචාර්ය සනත් පනාවැන්නගේ විසිනි. එය, ශ්‍රී ලංකාව ගෝලීය පර්යේෂණ, ප්‍රජාව තුළ වඩාත් ගැඹුරට කාවැද්දීම සඳහා වූ දැක්මක් ලෙස ක්‍රියාත්මක විය. කියුටෙක්, ජැක්සා සහ ඒආර්ඩීසී වැනි ජාත්‍යන්තර හවුල්කරුවන්ගේ සහයෝගයත් සමඟ, මෙම ව්‍යාපෘතියෙන් පෙන්නුම් කරන්නේ උපායමාර්ගික සන්ධාන හරහා කුඩා දූපත් රාජ්‍යයකට පවා ගෝලීය අභ්‍යවකාශ සිතියම මත ස්ථිර ලෙස ස්ථානගත විය හැකි ආකාරයයි.
බොහෝ ශ්‍රී ලාංකිකයන්ට ශ්‍රී ලාංකික චන්ද්‍රිකාවක් යනුවෙන් මුලින්ම අසන්නට ලැබෙන්නේ මීට දශකයකටත් වැඩි කාලයකට පෙර 2012 වසරේදී දියත් කරන ලද SupremeSAT-1 චන්ද්‍රිකාව ය. ශ්‍රී ලංකාවේ පළමු සන්නිවේදන චන්ද්‍රිකාව ලෙස දියත් කළ එය ඇත්ත වශයෙන්ම චීනයේ සිට දියත් කරන ලද චන්ද්‍රිකාවක යම් පහසුකම් ප්‍රමාණයක් බද්දට ගැනීමක් පමණි. SupremeSAT යනු පර්යේෂණ හෝ අධ්‍යාපනයට වඩා විදුලි සංදේශ සහ විකාශන සේවා සැපයීම සඳහා වූ පෞද්ගලික, වාණිජ ව්‍යාපාරයකි.
‘BIRDS-X Dragonfly’ සාර්ථකව කක්ෂගත කිරීම විද්‍යාත්මක කාරණයකට වඩා වැඩි දෙයක් නියෝජනය කරයි; එය ශ්‍රී ලංකාවේ අභ්‍යවකාශ ප්‍රජාවේ දැක්මට සාක්ෂියකි. එයින් ඔප්පු වන්නේ අධිෂ්ඨානය, හවුල්කාරිත්වයන් සහ අනාගත පරම්පරාව පුහුණු කිරීම කෙරෙහි අවධානය යොමු කිරීමෙන් කුඩා රටකට පවා ගෝලීය අභ්‍යවකාශ ක්ෂේත්රය තුළ අර්ථවත් කාර්යභාරයක් ඉටු කළ හැකි බවයි.
ඊට හාත්පසින්ම වෙනස් ප්‍රවේශයක් ‘BIRDS-X Dragonfly’ නියෝජනය කරයි. මෙය රාජ්‍ය අනුග්‍රහය ලත් පර්යේෂණ මුලපිරීමක් වන අතර, එහි තාක්ෂණික සැලසුම්කරණය සහ සංවර්ධනය සඳහා ශ්‍රී ලාංකික ඉංජිනේරුවන් ඍජුවම දායක වී තිබේ. මෙහි අවධානය යොමුව ඇත්තේ ක්ෂණික වාණිජ ප්රතිලාභ මත නොව, දැනුම හුවමාරුව, කුසලතා ගොඩනැගීම සහ නවෝත්පාදනය මතයි. තවද, SupremeSAT සඳහා විශාල ආයෝජනයක් අවශ්‍ය වූ නමුත්, ඩ්‍රැගන්ෆ්ලයි මෙහෙයුම ශ්‍රී ලංකාවට කිසිදු මූල්‍ය බරකින් තොරව ජාත්‍යන්තර අරමුදල් සහ සහයෝගීතාව හේතුවෙන් සාර්ථක කර ගැනීමට හැකි විය.
‘BIRDS-X Dragonfly’ සාර්ථකව කක්ෂගත කිරීම විද්‍යාත්මක කාරණයකට වඩා වැඩි දෙයක් නියෝජනය කරයි; එය ශ්‍රී ලංකාවේ අභ්‍යවකාශ ප්‍රජාවේ දැක්මට සාක්ෂියකි. එයින් ඔප්පු වන්නේ අධිෂ්ඨානය, හවුල්කාරිත්වයන් සහ අනාගත පරම්පරාව පුහුණු කිරීම කෙරෙහි අවධානය යොමු කිරීමෙන් කුඩා රටකට පවා ගෝලීය අභ්‍යවකාශ ක්ෂේත්රය තුළ අර්ථවත් කාර්යභාරයක් ඉටු කළ හැකි බවයි.
නැනෝ චන්ද්‍රිකා මගින් ගවේෂණ සහ සන්නිවේදන සීමාවන් යළි නිර්වචනය කරන විට, ශ්‍රී ලංකාව මෙම පුළුල් වන ක්ෂේත්රය තුළ තමන්ටම ආවේණික ස්ථානයක් ගොඩනගා ගනිමින් සිටී. රාවණා-1 සිට Dragonfly දක්වා ගමන්මග ස්ථාවර වූ අතර, එක් එක් දියත් කිරීමත් සමඟ, ආතර් සී. ක්ලාක් මහතා විසින් වරක් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළ, අභ්‍යවකාශය සියලු දෙනාටම අයිති බවට වූ සිහිනය සැබෑ කර ගැනීම කරා ශ්‍රී ලංකාව සමීප වෙමින් සිටී.
නිරංජන් චාමින්ද කරුණාතිලක