
සමකාලීන සිදුවීම් පදනම් කරගනිමින් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ සමස්ත සම්බුද්ධ ශාසනයට සිදුවන නින්දා අපහාස හා ගැරහීම් වැළැක්වීම සඳහා රජය වහාම ක්‍රියාමාර්ග ගත යුතු අතර, මෙම විනාශය නැවැත්වීම පිණිස මහා සංඝරත්නය ඇතුළු සමස්ත බෞද්ධ ජනතාවම එක්ව අප්‍රමාදව කටයුතු කළ යුතුව ඇත.
මෑතකාලීනව වියට්නාම් ජාතික භික්ෂූන් වහන්සේලා ශ්‍රී ලංකාවේ සිදුකළ පාද චාරිකාවට හිමි වූ ජාත්‍යන්තර ප්‍රචාරණයත් සමඟ ලොව පුරා බුදු දහම කෙරෙහි පැහැදිලි ප්‍රබෝධයක් ඇතිවූ බව නොරහසකි. එසේ වුවද, බුදුන් වහන්සේගේ තෙමඟුල සමරනු ලබන වෙසක් මස ආරම්භ වූ සැණින්, ජනමාධ්‍ය හා විශේෂයෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ පුද්ගලයන් බුද්ධ ශාසනයට අතිශයින්ම අවමන් වන අන්දමේ ප්‍රචාරයන් ගෙන යන ආකාරය දැකගත හැකි ය. ෆේස්බුක් (Facebook) සමාජ මාධ්‍යය තුළ මෙවැනි ප්‍රචාරයන් සිදුකරන පුද්ගලයන්ගේ ගිණුම් (Profiles) පරීක්ෂා කිරීමේදී පෙනී යන්නේ, ඒවායින් බොහොමයක් ඉතා මෑතකදී ආරම්භ කරන ලද, සීමිත මිතුරන් පිරිසක් හා සීමිත පළකිරීම් ප්‍රමාණයක් සහිත, අගුළු දැමූ (Locked Profiles) ගිණුම් බවයි. මෙයින් ඉතා පැහැදිලි වන්නේ සංවිධානාත්මක කල්ලියක් විසින් බුද්ධ ශාසනයට පහරදීම සඳහා මෙවැනි කුමන්ත්‍රණකාරී ක්‍රියාවන් මෙහෙයවන බවයි. මෙම සටහන් බොහොමයක “ළමයින් පන්සල් හෝ දහම් පාසල් වෙත නොයවන ලෙසත්, එහිදී ඔවුන් අපයෝජනයට ලක්වන බවත්” සඳහන් කර තිබේ. මෙය පැහැදිලි කුමන්ත්‍රණයක් යැයි පවසන්නේ එබැවිනි.
හුදෙක් බාල වයස්කාර දැරියකගේ ප්‍රකාශයක් මත පමණක් පදනම් වෙමින්, බුදු සසුනේ ප්‍රධානතම ආගමික කේන්ද්‍රස්ථානයක සුප්‍රසිද්ධ නායක හිමිනමක සාමාන්‍ය පුද්ගලයකු මෙන් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාරගත කළ නොහැකිය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) ව්‍යවස්ථාවට අනුව පවා අසමානයන් කෙරෙහි සමාන ලෙස සැලකිය නොහැක. එම නිසා උන්වහන්සේට ඇප ලබාදීමට විනිසුරුවරයා ගත් තීරණය ඉතාම නිවැරදි ය. මේ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අනුරාධපුර මහාධිකරණය වෙත ලබාදෙන ලද 3/2008 නඩු තීන්දුව ඉතා වැදගත් වේ.
මෙම අර්බුදයට පදනම් වන සිදුවීමේ සැකකාර ස්වාමීන් වහන්සේ තනි පුද්ගලයකු වුවද, උන්වහන්සේ දරා සිටින බුද්ධ චීවරය මෙලෙස නිර්දය විවේචනයට ලක්කිරීම කණගාටුදායක ය.
හුදෙක් බාල වයස්කාර දැරියකගේ ප්‍රකාශයක් මත පමණක් පදනම් වෙමින්, බුදු සසුනේ ප්‍රධානතම ආගමික කේන්ද්‍රස්ථානයක සුප්‍රසිද්ධ නායක හිමිනමක සාමාන්‍ය පුද්ගලයකු මෙන් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාරගත කළ නොහැකිය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) ව්‍යවස්ථාවට අනුව පවා අසමානයන් කෙරෙහි සමාන ලෙස සැලකිය නොහැක. එම නිසා උන්වහන්සේට ඇප ලබාදීමට විනිසුරුවරයා ගත් තීරණය ඉතාම නිවැරදි ය. මේ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අනුරාධපුර මහාධිකරණය වෙත ලබාදෙන ලද 3/2008 නඩු තීන්දුව ඉතා වැදගත් වේ. එම නඩුවේදී බාල වයස්කාර දැරියක සමඟ පැවැත්වූ සබඳතාවයකින් දරුවකු උපත ලබා තිබූ අතර, නඩු තීන්දුව ප්‍රකාශයට පත්කරන විට එම දරුවාට වයස අවුරුදු 12ක් වී තිබුණි. චූදිත පුද්ගලයා ඒ වන විටත් එම පවුලේ ගෘහ මූලිකයා ලෙස වගකීම් දරමින්, දරුවාට සහ මවට ආදරයෙන් සලකමින් පවුල නඩත්තු කරමින් සිටියේ ය. එහෙත් පවතින නීතියට අනුව ඔහුට අවම වශයෙන් වසර 10ක සිරදඬුවමක් නියම කළ යුතුව තිබුණි. කෙසේ වුවද, එම දඬුවම නිසා අදාළ පවුලට සහ දැරියට සිදුවන අගතිය පිළිබඳ කම්පාවට පත් මහාධිකරණ විනිසුරුවරිය මේ පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් උපදෙස් පැතුවා ය.
එහිදී ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශ කළේ, ව්‍යවස්ථාපිත ස්ත්‍රී දූෂණයක් සිදුකොට පලායන පුද්ගලයකු සහ එසේ නොගොස් පවුලේ වගකීම් දරමින් සිටින පුද්ගලයකු එකිනෙකාට සමාන නොවන බවයි. එම දෙදෙනාටම එකම ආකාරයෙන් සැලකීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) වගන්තිය උල්ලංඝනය කිරීමක් බව එහිදී අවධාරණය කෙරුණි. මෙම ශ්‍රේෂ්ඨාධිකරණ මතය වත්මන් සිදුවීමටද ආදේශ කළහොත්, අටමස්ථානාධිපති ධුරය වැනි ශ්‍රී ලංකාවේ බුදු සසුනේ ප්‍රධාන පුදබිමක නායකත්වය දරන, රටේ පිළිගත් බෞද්ධ ජනතාවගේ උපරිම ගෞරවයට පාත්‍ර වූ ස්වාමීන් වහන්සේනමකට සහ සාමාන්‍ය ගිහි පුද්ගලයකුට එකම ආකාරයෙන් සැලකීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් වනු ඇත. එබැවින්, මෙම තත්ත්වයන් සලකා බලමින්, නීති විරෝධී නොවන අයුරින් ඇප පනතේ ප්‍රතිපාදනවලට අනුකූලව ගරු මහේස්ත්‍රාත්වරයා විසින් උන්වහන්සේට ඇප ලබාදීම අතිශයින්ම නිවැරදි ක්‍රියාවකි.
මෙම සිදුවීම සම්බන්ධයෙන් බී.බී.සී (BBC) ඇතුළු ජාත්‍යන්තර මාධ්‍ය ආයතන විශාල ප්‍රචාරණයක් ලබාදී ඇත. එය පිරිසිදු බුදු සසුනක් පවතින රටක් ලෙස ලෝකයම පිළිගත් ශ්‍රී ලංකාවේ බුද්ධ ශාසනයේ පැවැත්මට සිදුකළ බරපතල නිග්‍රහයකි. ඒ සම්බන්ධ පසුබිම් කරුණු ද බොහොමයකි.
ලිංගික අතවර සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ පවතින නීතිය කාන්තාවන්ට අධික ලෙස පක්ෂපාතී ස්වරූපයක් ගනී. කාන්තාවක විසින් කරනු ලබන හුදු ප්‍රකාශයක් මත පමණක් පදනම්ව ඕනෑම පුද්ගලයකු අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගත කිරීමට මෙයින් හැකියාව ලැබේ. මෙය ඉතා භයානක තත්ත්වයක් වන අතර, පෞද්ගලික අමනාපකම් හෝ පළිගැනීම් සඳහා මෙම නීතිමය තත්ත්වය අවභාවිත කිරීමට ද ඉඩකඩ පවතී. විශේෂයෙන්ම බාල වයස්කාර දැරියන් තමන්ගේ කැමැත්තෙන්ම ලිංගික සබඳතා පවත්වා ඇති බව නිරාවරණය වූ වහාම, වරදකරු වූ පුද්ගලයා බේරාගැනීම පිණිස හෝ තමන්ව හසුකර දුන් පුද්ගලයා කෙරෙහි ඇතිවන වෛරය නිසා, වෙනත් නිර්දෝෂී පුද්ගලයන්ද තමන් සමඟ මීට පෙර ලිංගික සබඳතා පැවැත්වූ බවට අසත්‍ය ප්‍රකාශ කරන අවස්ථා රාශියක් පවතී. වසර විස්සකට අධික කාලයක් අධිකරණ වෛද්‍ය ක්ෂේත්‍රයේ නීති වෛද්‍ය නිලධාරියකු ලෙස සේවය කිරීමෙන් මා මෙවැනි අත්දැකීම් රාශියක් ලබා ඇත. ඇතැම් දියණිවරුන් තමන්ගේම පියාට පවා මෙලෙස අසත්‍ය චෝදනා එල්ල කර සිරගත කොට, පසුව නඩු විභාගයේදී තමන් බොරු කී බව පිළිගත් අවස්ථා මා දැක තිබේ. එවැනි අවස්ථාවකදී සැකකරු පසුව නිදහස් වුවද, ඒ වන විටත් සමාජය තුළ ඔහුගේ කීර්ති නාමය හා ප්‍රතිරූපය සම්පූර්ණයෙන්ම විනාශ වී අවසන්ය; ඔහුගේ රැකියාව, පවුල, මිතුරන් සහ ඥාතීන් සියල්ල ඔහුට අහිමි වී යයි. එය කිසිලෙසකත් නැවත යථා තත්ත්වයට පත්කළ නොහැකිය. එබැවින් මෙම තත්ත්වය පැහැදිලිවම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 11 වන වගන්තිය උල්ලංඝනය කිරීමකි. මන්දයත්, සෑම පුද්ගලයකුටම අවමන් සහගත සැලකීම්වලින් තොරව ජීවත්වීමේ අයිතිය එමඟින් තහවුරු කර ඇති බැවිනි.
මෙම සිදුවීමේදී සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ කුමන්ත්‍රණකාරී ලෙස බුද්ධ ශාසන විරෝධීන් පළ කරන සටහන්වලට නොමඟ යන තවත් බොහෝ පිරිසක්, ඒවා තවදුරටත් බෙදාහැරීම (Share) සහ තම එකඟතාවය පළකිරීම (Like/Comment) මඟින් සමාජය තුළ බුදු සසුනට එරෙහිව විශාල ජනමතයක් ගොඩනැඟෙමින් පවතී. මේවා හුදකලා සිදුවීම් විය නොහැකිය.ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 වන වගන්තිය මඟින් බුද්ධ ශාසනය ආරක්ෂා කිරීම හා පෝෂණය කිරීම රජයේ ව්‍යවස්ථාපිත වගකීමක් ලෙස දක්වා ඇති බැවින්, රජය වහාම මැදිහත් වී මෙම විනාශකාරී ප්‍රචාරයන් නතර කිරීමට කටයුතු කළ යුතු ය.
මෙම සිදුවීමේදී සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ කුමන්ත්‍රණකාරී ලෙස බුද්ධ ශාසන විරෝධීන් පළ කරන සටහන්වලට නොමඟ යන තවත් බොහෝ පිරිසක්, ඒවා තවදුරටත් බෙදාහැරීම (Share) සහ තම එකඟතාවය පළකිරීම (Like/Comment) මඟින් සමාජය තුළ බුදු සසුනට එරෙහිව විශාල ජනමතයක් ගොඩනැඟෙමින් පවතී. මේවා හුදකලා සිදුවීම් විය නොහැකිය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 වන වගන්තිය මඟින් බුද්ධ ශාසනය ආරක්ෂා කිරීම හා පෝෂණය කිරීම රජයේ ව්‍යවස්ථාපිත වගකීමක් ලෙස දක්වා ඇති බැවින්, රජය වහාම මැදිහත් වී මෙම විනාශකාරී ප්‍රචාරයන් නතර කිරීමට කටයුතු කළ යුතු ය.
මෙම සිදුවීමට මෙන්ම මින් ඉදිරියට මෙවැනි තත්ත්වයන් ඇතිවීම වැළැක්වීම සඳහාත්, වෙනත් දියුණු රටවල් භාවිතා කරන පහත සඳහන් ක්‍රමවේදයන් නෛතික වශයෙන් මෙරට තුළ ස්ථාපිත කිරීම කඩිනමින් සිදුකළ යුතුව ඇත:
- (1) වේගවත් අධිකරණ පද්ධතිය (Fast-track courts): ඉන්දියාව සහ එක්සත් රාජධානිය වැනි රටවල ලිංගික අපරාධ සම්බන්ධයෙන් විභාග කිරීමට විශේෂිත අධිකරණ පවතින අතර, ඒවායේ නඩු විභාග වසරක් ඇතුළත අවසන් කළ යුතු ය.
- (2) විත්තිකරුගේ අනන්‍යතාවය ආරක්ෂා කිරීම: බොහෝ යුරෝපීය රටවල, විත්තිකරුවකු වරදකරු වන තෙක් ඔහුගේ නම හෝ ඡායාරූප මාධ්‍ය වෙත ලබාදීම සපුරා තහනම් ය. මේ මඟින් අසත්‍ය චෝදනාවලට ලක්වන නිර්දෝෂී පුද්ගලයන්ගේ ආත්මගෞරවය ආරක්ෂා වේ.
- (3) පැමිණිලිකරුගේ වගකීම: ඉදිරිපත් කරන ලද පැමිණිල්ල අසත්‍ය එකක් බව ඔප්පු වුවහොත්, පැමිණිලි කළ පුද්ගලයාට එරෙහිව වහාම දැඩි නීතිමය පියවර ගන්නා අතර, අගතියට පත් චූදිතයාට විශාල වන්දි මුදලක් ගෙවීමටද නියම කෙරේ.
මෙම ප්‍රගතිශීලී ක්‍රමවේදයන් ශ්‍රී ලංකාවේ නීති පද්ධතියට ඇතුළත් කරගැනීම සඳහා යුක්තිය, සාධාරණත්වය සහ මානව හිමිකම් අගය කරන සියලුම පුරවැසියන් එක්ව රජයට කරුණු දැක්වීම මේ මොහොතේ පැහැර හැරිය නොහැකි වගකීමකි. එම වගකීම්වලින් බලධාරීන් ඉවත් වීම අප සමාජය ශිෂ්ටාචාරයෙන් ඉවතට ඇද දැමීමකි.
වෛද්‍ය නීතිඥ පාලිත බණ්ඩාර සුභසිංහ

