කැළෑ පාළුවෝ පහක් කොටු වෙති

වසර සිය ගණනක් තිස්සේ වන අලි ඇතුන් ගේ නිජ බිමක් හා වාස කලාපයක් ව තිබූ කහල්ල පල්ලෙකැලේ අභයභූමියේ වල්පාලුගම ප්‍රදේශයේ රජයේ කැලෑ ඉඩම් බැකෝ යන්ත්‍රයක් යොදා ගනිමින් එළි පෙහෙලි කර කැළෑ ගිනි තැබූ සැකකරුවන් පස් දෙනෙකු සහ බැකෝ යන්ත්‍රයක් ඊයේ (26 ) වයඔ වනජීවී කලාපයේ ගල්කිරියාගම අඩවි⁣ ආරක්ෂක කාර්යාලයේ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ. සැකකරුවන් හා නඩු භාණ්ඩ කැකිරාව මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කිරීමට නියමිතය.කලාවැව ජාතික උද්‍යානයේ උද්‍යාන භාරකරු ඩබ්.එම්.ප්‍රසන්ත විජේකෝන් මහතාගේ උපදෙස් පරිදි ගල්කිරියාගම අඩවි ආරක්ෂක කාර්යාලයේ වනසත්ත්ව අඩවි සහකාර සඳුන් හේමනායක, වනජීවී නියාමක මංගල සමන්, අජිත් කුමාරතුංග , සිවිල් ආරක්ෂක සම්පත් ඇතුළු නිලධාරීන් විසින් මෙම වැටලීම සිදු කොට ඇත.

කාලීන පුවත්