ජනපති නියෝජනය කරමින් විජිත හේරත් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නියෝජනය කරමින් එක්සත් ජාතීන්ගේ 81 වැනි මහා මණ්ඩල සැසිවාරයේ ශ්‍රී ලංකා දූත පිරිසට නායකත්වය දෙමින් විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා අද (26) ඇමෙරිකාවේ නිව්යෝර්ක් බලා පිටත්වීමට නියමිතය. විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිල නිවේදනය අනුව ශ්‍රී ලංකා දූත පිරිස නිව්යෝර්ක්හි පැවැත්වෙන මහා මණ්ඩල සැසිවාරයට සැප්තැම්බර් 27 සිට 30 දක්වා සහභාගී වීමට නියමිතය.81 වැනි මහා මණ්ඩලයේ ඉහළ පෙළේ මහ සභා විවාදය සැප්තැම්බර් 22 සිට 26 දක්වාත්, සැප්තැම්බර් 28 වැනිදාත් පැවැත්වෙන අතර, එහිදී සැප්තැම්බර් 28 වැනිදා ශ්‍රී ලංකාවේ ජාතික ප්‍රකාශය ඉදිරිපත් කිරීමට විජිත හේරත් මහතා නියමිතය.

කාලීන පුවත්