මාස දහයට කොළඹින් ඩෙංගු යැයි සැක රෝගීන් 6,721 ක්

ජනවාරි සිට මේ දක්වා කාලය තුළදී ඩෙංගු යැයි සැක සහිත රෝගීන් 6,721 ක් දෙනකු කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන බවත්,සතියකට දළ වශයෙන් ඩෙංගු රෝගීන් 100 ක් පමණ වාර්තාවී තිබෙව බවත් කොළඹ නියෝජ්‍ය ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය විරාජ් උදයංග පවසනලදි.

කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවැති කොළඹ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේදී ඔහු මේ බව කියා සිටිනලදි.

පසුගිය මස අවසාන සතියේදී ඩෙංගු රෝගීන් 80 ක් පමණ වාර්තාවී ඇතැයිද ඔහු සදහන් කරයි. මෙතෙක් වැඩිම ඩෙංගු රෝගීන් පිරිසක් වාර්තාවී ඇත්තේ ගොතටුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි බල ප්‍රදේශයෙනි. ඉකුත් 11 වැනිදා දත්ත අනුව එම සංඛ්‍යාව 856 කි.

කොළඹ ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය සහ බස්නාහිර පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය ඒකාබද්ධව දත්ත එකතු කිරීමේ පද්ධතියක් නිර්මාණය කර තිබෙන බවත්,මෙම පද්ධතිය සෞඛ්‍ය ආයතනවල,අධ්‍යාපන ආයතනවල සාර්ථකව ක්‍රියාත්මක වන බවද අධ්‍යක්ෂවරයා කියා සිටියි.

කාලීන පුවත්