අද(12) පෙරවරුවේ අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ඇප මත මුදා හරින ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කොට තිබේ.අල්ලස් කොමිසමේ නිලධාරීන් හා සැකකරුගේ නීතිඥ වරුන් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා මෙම නියෝගය නිකුත් කරනු ලැබීය.මෙම අත්අඩංගුවට ගැනීමට පාදක වී ඇත්තේ 2021 වර්ෂයේ දී, එවකට සංචාරක අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක වූ ආයතන හතරක සේවකයන් සඳහා වෛද්‍ය රක්ෂණයක් ලබාගැනීමේ සිද්ධියකි. ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය, ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය, ශ්‍රී ලංකා හෝටල් කළමනාකරණ ආයතනය සහ ශ්‍රී ලංකා සම්මුති කාර්යාංශය යන ආයතන සේවකයන් සඳහා මෙලෙස රක්ෂණ ආවරණ ලබාගෙන ඇත.චෝදනාවට අනුව, අදාළ රක්ෂණ ආවරණ රාජ්‍ය ආයතනයක් වන ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව වෙතින් කිසිදු කොමිස් මුදලක් ගෙවීමකින් තොරව සෘජුව ලබාගැනීමට අවස්ථාව තිබී ඇත. එසේ තිබිය දී, ප්‍රසන්න රණතුංග මහතා ‘මයි ඉන්ෂුවරන්ස් බ්‍රොකර්ස්’ නමැති තැරැව්කාර සමාගමක් මෙම ගනුදෙනුව සඳහා රුපියල් හතලිස් හත් ලක්ෂ පනස් දහස් අටසිය විසි අටක් ගෙවා මැදිහත් කරවාගෙන තිබේ.ඒ අනුව සැක කරුට රුපියල් ලක්ෂයක ශරීර ඇප සහ රුපියල් ලක්ෂ පනහක ශරීර ඇප මත මුදාහැරීමට නියෝග කළ මහේස්ත්‍රාත් වරයා සැක කරුගේ විදෙස් ගමන් තහනම් කිරීමට ද නියෝග කොට තිබේ.මෙම නඩුව ජනවාරි 16 වන දා යළි විභාගයට ගැනෙනු ඇත.