හිටපු කතානායක අශෝක රන්වල මහතාගේ ආචාර්ය උපාධි සහතිකය විගසින් ඉදිරිපත් කරනු ඇතැයි කැබිනට් ප්‍රකාශක වරයා ලෙස තමන් තමන් එදා පැවසුවේ අශෝක රන්වල මහතා පක්ෂයට එලෙස පැවසූ නිසා යැයි අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා දෙරණ රූපවාහිනි නාලිකාවේ 360 ◦ දේශපාලන වැඩසටහනට එක්වෙමින් පැවසීය.නමුත් වසරක් ඉක්මවා ගියත් තවමත් අශෝක රන්වල මන්ත්‍රීවරයා තම උපාධි සහතිකය ඉදිරිපත් කර නොමැති බව එම වැඩ සටහන මෙහෙයවූ කලිඳු කරුණාරත්න මහතා ඇසූ පැනයකට පිළිතුරු වශයෙන් එසේ කී අමාත්‍යවරයා තම පක්ෂයට ඡන්දය දුන් නොදුන් සියලුම ජනතාව ඒ සම්බන්ධයෙන් දක්වන උනන්දුව පිළිබඳව පක්ෂයක් ලෙස සැලකිලිමත් වන බවත් යම්කිසි හෙයකින් අශෝක රන්වල මහතා වංචනික ලෙස කටයුතු කර ඇත්නම් ඔහුට විරුද්ධව විනය ක්‍රියාමාර්ගයක් ගැනීමට කටයුතු කළ යුතු බවද තහවුරු කොට සිටියේ ය.