SL Deshaya මාධ්‍යවේදී දර්ශන හඳුන්ගොඩ අභාවප්‍රාප්ත වෙයි

මෙරට විකල්ප මාධ්‍ය කලාව ප්‍රවර්ධනය කිරීමෙහි ලා මහත් කාර්ය භාරයක් ඉටු කළ SL Deshaya යූටියුබ් නාලිකාවේ මෙහෙයවුම්කරු, ප්‍රවීණ මාධ්‍යවේදී දර්ශන හඳුන්ගොඩ මහතා අද (10) උදෑසන කොළඹ ජාතික රෝහලේදී අභාවප්‍රාප්ත වී තිබේ.කලක් තිස්සේ රෝගාතුරව ප්‍රතිකාර ලබමින් සිටි ඒ මහතා අභාවප්‍රාප්ත වන විට ඔහු 55 වන වියේ පසු විය.සාම්ප්‍රදායික මාධ්‍ය රාමුව අතික්‍රමණය කොට සමාජ දේශපාලනික කරුණු විග්‍රහ කිරීම සම්බන්ධයෙන් කාගේත් අවධානයට ලක් වූ ඔහු SL Deshaya යූටියුබ් නාලිකාව හරහා ඉදිරිපත් කළ විමර්ශනාත්මක වැඩසටහන් මෙරට ඩිජිටල් මාධ්‍ය අවකාශය තුළ දැඩි කතාබහට ලක්විය.දර්ශන හඳුන්ගොඩ මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ඉදිරියේදී දැනුම් දීමට නියමිතය.

කාලීන පුවත්