මේ අවස්ථාවේ ග්‍රීන්ලන්තය අල්ලාගැනීමට තමන් ඉදිරිපත් නොවුණහොත් අනාගතයේදී රුසියාවට හෝ චීනයට එය අත්පත් කරගත හැකි බැවින්‘පහසුවෙන්’ නොහැකි නම් ‘අපහසුවෙන්’ හෝ ග්‍රීන්ලන්තය ද අත්පත් කරගන්නා බව අමෙරිකානු ජනාධිති ඩොනල්ඩ් ට්‍රම්ප් යළිත් වරක් තහවුරු කර තිබේ.“පහසුවෙන් ග්‍රීන්ලන්ත භූමිය අත්පත් කර ගැනීමේ ගිවිසුමට එළැඹීමට නොහැකි නම්, දුෂ්කර ආකාරයෙන් එය කිරීමට සිදුවෙනවා….ඔවුන් කැමති වුණත් නැතත් අපි ග්‍රීන්ලන්තයේ යමක් කරන්න යනවා. අපි එය නොකළොත් රුසියාව හෝ චීනය ග්‍රීන්ලන්තය අත්පත් කර ගනීවි. අපට රුසියාව හෝ චීනය අසල්වැසියෙක් කරගන්න ඕන නෑ” ට්‍රම්ප් ධවල මන්දිරයේදී මාධ්‍යවේදීන්ට පවසා තිබේ.කෙසේ නමුත් ග්‍රීන්ලන්ත පක්ෂ විපක්ෂ නායකයින් ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කරමින් පවසා ඇත්තේ, තමන්ට අමෙරිකානුවන් වීමට අවශ්‍ය නොමැති බව ය.“අපි ග්‍රීන්ලන්ත ජාතිකයන් වීමට කැමතියි. ග්‍රීන්ලන්තයේ අනාගතය ග්‍රීන්ලන්ත ජනතාව විසින් තීරණය කළ යුතුය” අදාළ ඒකාබද්ධ ප්‍රකාශයේ දැක්වේ.ග්‍රීන්ලන්තය ඩෙන්මාර්ක ආධිපත්‍යය යටතේ පවතින රටක් වුවද, එරටට අනන්‍ය වූ ස්වාධීන පාලනයක් එහි ඇත.