බැංකු කාඩ්පත් මඟින් බස් ගාස්තු ගෙවීමේ ක්‍රමවේදය දකුණටත්

බැංකු කාඩ්පත් මඟින් බස් ගාස්තු ගෙවීමේ ක්‍රමවේදය දකුණු පළාතට ද හඳුන්වාදී ඇති බව ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය පවසයි.

රජයේ ඩිජිටල්කරණ වැඩසටහන යටතේ ප්‍රවාහන අමාත්‍යාංශය විසින් ආරම්භ කළ බස් ගාස්තු බැංකු කාඩ්පත් මඟින් ගෙවීමේ නියමු ව්‍යාපෘතියට අදාළව මෙම ක්‍රමය දකුණු පළාතටද හඳුන්වාදී තිබෙන බවයි වාර්තා වෙයි.

බස් සංගම් නියෝජිතයන් දැනුවත් කිරීම සඳහා මීට අදාළ සාකච්ඡාවක් පසුගියදා ගාල්ලේදී පවත්වා තිබේ.

එහිදී මෙම වැඩපිළිවෙළේ වැදගත්කම පිළිබඳව ද පැහැදිලි කර තිබෙන බවයි වාර්තා වෙයි.

කාලීන පුවත්