අනතුරුදායක කොටස් ඉවත් කර නොගන්නා බස්, ත්රීරෝද රථ ඇතුළු වාහනවලට එරෙහිව මෝටර් රථ පරීක්ෂකවරුන්ගෙන් තහනම් නියෝග ලබාගෙන අධිකරණ ක්රියාමාර්ග ගන්නා බව පොලීසිය පවසයි.
එමෙන්ම පොලීසිය වැඩිදුරටත් කියා සිටියේ රථවාහන වැරදි සිදු කරමින් පොලිස් නිලධාරීන් අනතුරට පත් කර පළායාමට තැත් කරන රියදුරන්ට මිනී මැරීමට තැත් කිරීමේ චෝදනා යටතේ නීතිමය පියවර ගන්නා ලෙස උපදෙස් ලබාදී තිබෙන බවයි.