හදිසි නීතිය අහෝසි කරයි

පසුගිය නොවැම්බර් 28 වන දා සිට මුළු දිවයිනට ම බලපැවැත්වෙන පරිදි ක්‍රියාත්මක වූ හදිසි නීතිය තව දුරටත් දීර්ඝ නොකිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා තීරණය කර තිබේ. ඒ අනුව අද (01) දිනයේ සිට හදිසි නීති තත්ත්වය අහෝසි වනු ඇතැයි ජනාධිපති කාර්යාල ආරංචිමාර්ග පවසයි.රටේ ඇති වූ ආපදා තත්ත්වය හේතුවෙන් ජාතික ආරක්ෂාව, මහජන සාමය සහ අත්‍යවශ්‍ය සේවා නඩත්තු කිරීම, පවත්වාගෙන යාම සහතික කිරීමේ අරමුණ ඇතිව නොවැම්බර් 28 වන දා සිට මුළු දිවයිනට ම බලපැවැත්වෙන පරිදි හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කෙරුණ අතර පාර්ලිමේන්තුවේදී එය සම්මත විය.කෙසේ වෙතත්, ආපදා තත්ත්වය හමුවේ ප්‍රකාශයට පත් කරන ලද හදිසි තත්ත්වය, ජනතාව මර්දනය කිරීම සඳහා යොදා නොගන්නා බවට ජනාධිපතිවරයා ජාතිය අමතමින් කළ කතාවේදී සහතික විය

කාලීන පුවත්