ප්‍රහාර දිගටම පැවතුනහොත් විශාලතම යුද පරාජිතයා වන්නේ ඉරානයයි සෞදි අරාබිය පවසයි

මෙම යුද ප්‍රහාර දිගටම පැවතුනහොත් විශාලතම යුද පරාජිතයා වන්නේ ඉරානය බව සෞදි අරාබිය පවසයි.ඉරානය, ගල්ෆ් කලාපීය රටවලට පහරදීම හෙලා දකිමින් නිවේදනයක් නිකුත් කරමින් එරට විදේශ කටයුතු අමාත්‍යංශය මේ බව සඳහන් කොට තිබේ.ගුවන්තොටුපළ සහ බොරතෙල් පිරිපහදු ඇතුළු යටිතල පහසුකම් මෙන්ම සිවිල් ගොඩනැගිලි වලට ඉරානය ප්‍රහාර එල්ල කර ඇත්තේ එම රටවල ආරක්ෂාව සහ ස්ථාවරත්වයට තර්ජනයක් එල්ල කිරීමේඅරමුණින් බව සෞදි අරාබියේ විදේශ අමාත්‍යංශය චෝදනා කරයි.එම ප්‍රහාර ජාත්‍යන්තර ප්‍රඥප්ති සහ ජාත්‍යන්තර නීතිය බරපතල ලෙස උල්ලංඝනය කිරීමක් බවත් ඔවුහු වැඩිදුරටත් පවසති.මෙවැනි පසුබිමක අද පෙරවරුවේත්, සෞදි අරාබියේ ෂයිබා තෙල් නිධි බලා ගමන් කරමින් සිටි ඩ්‍රෝන යානා 4ක් වෙඩි තබා බිම් හෙළු බව,, සෞදි ආරක්ෂක අමාත්‍යංශය සඳහන් කරන ලදි.

කාලීන පුවත්