ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ශාන්ත කුමාර විතාන සහ ජනප්‍රිය නව කතා කාරිනියක වන චන්දි කොඩිකාර දෙපළ ගේ ආදරණීය එකම පුතු වූ රන්සර ධනංජය විතාන මහතා අභාවප්‍රාප්ත වී තිබේ.ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ දීප්තිමත් ආදි ශිෂ්‍යයකු වන ඒ මහතා දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයකු ලෙස ද ප්‍රකටව සිටියේ ය.විවාහකයකු ද වන රන්සර ධනංජය විතාන මහතා කෙටි කලක් රෝගාතුරව සිටි අතර ඔහු මිය යන විට විසි නව හැවිරිදි වියේ පසු විය.දේහය ගම්පහ ඔරුතොට විතාන මාවතේ නිවසේ තැන්පත් කොට ඇති අතර අවසන් කටයුතු හෙට ( 11) දා සිදු කිරීමට නියමිත ය.