රනිල් යළි එයි

ප්‍රතිකාර ලබාගැනීම සඳහා විදෙස් ගත්ව සිටි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (09) උදෑසන දිවයිනට පැමිණ තිබේ. ඒ මහතා පසුගිය මාර්තු 15 වන දින ප්‍රතිකාර ලබාගැනීම සඳහා සිංගප්පූරුව බලා පිටත්ව ගොස් තිබුණි. රනිල් වික්‍රමසිංහ මහතාව කොළඹ ශ්‍රී ලංකා ජාතික රෝහලේ දී ද ශල්‍යකර්මයකට ලක්කර තිබූ අතර සිංගපූරුවේ දී කරන ලද වෛද්‍ය පරීක්ෂාවනට අනුව ඔහුට යළි හෘද සැත්කමක් කළ යුතු බවට නිර්දේශ වී තිබේ.මේ වන විට ඔහුගේ සෞඛ්‍ය තත්වය සුව අතට හැරෙමින් පවතින මුත් තව සුළු කාලයක් හෝ විවේකයෙන් පසුවිය යුතු බවට වෛද්‍ය වරු නියම කොට තිබේ.

කාලීන පුවත්