උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳව අවවාදාත්මක නිවේදනය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.
උතුරු, උතුරු – මැද, වයඹ, බස්නාහිර, සබරගමුව, දකුණු, නැගෙනහිර පළාත් සහ මොනරාගල දිස්ත්‍රික්කය සඳහා මිනිස් සිරුරට දැනෙන උණුසුම ”අවධානය යොමු කළයුතු” මට්ටමක පැවතිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ඒ අනුව මේ සම්බන්ධව අවධානය යොමු කරමින් මිනිස් ශරීර සෞඛ්‍ය තත්ත්වයට විය හැකි බලපෑම අවම කර ගැනීමට කටයුතු කරන ලෙසත් එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබේ.
ප්‍රමාණවත් ලෙස ජලය පානය කරන ලෙසත් සෙවණ ඇති ස්ථානවල හැකි පමණ විවේක ගන්නා ලෙසත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව එම පළාත්වල ජනතාවගෙන් ඉල්ලා සිටියි.
එමෙන්ම වැඩිහිටි සහ රෝගී පුද්ගලයින් මෙම තත්ත්වය සම්බන්ධව විශේෂ අවධානයක් යොමු කරන ලෙසත් කුඩා දරුවන් වාහන තුළ තනිකර දමා යෑමෙන් වළකින ලෙස එම නිවේදනයේ සඳහන් වෙයි.
එමෙන්ම අධික වෙහෙසකාරී කටයුතු සීමා කරන ලෙසත් සුදු හෝ ලා පැහැති සැහැල්ලු ඇඳුම් භාවිත කරන ලෙසත් එම නිවේදයේ වැඩිදුරටත් සඳහන් .