වර්තමාන රජය විසින් ගල් අඟුරු ටෙන්ඩරය ප්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතාට අයත් සමාගමකට ලබා දී ඇති බව මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා පවසයි.ඒ මහතා මේ බව සඳහන් කළේ සිය යූ ටියුබ් නාලිකාව ඔස්සේ විශේෂ ප්‍රකාශයක් කරමිනි.මහාචාර්යවරයා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ වර්තමාන ආණ්ඩුවේ “ආධ්‍යාත්මික නායකයා” ලෙස කටයුතු කරන්නේ ධම්මික පෙරේරා මහතා බවටත්, ආණ්ඩුව මෙහෙයවීමේ බලය ඔහු සතු බවටත් ජනතාව අතර මතයක් පවතින බවයි.මෙහිදී අදහස් දැක්වූ මහාචාර්යවරයා, ජනතා විමුක්ති පෙරමුණ (ජවිපෙ) සහ ධම්මික පෙරේරා මහතා ඇතුළු ව්‍යාපාරික ප්‍රජාව අතර දීර්ඝ කාලයක සිට සමීප සබඳතා පවතින බව අනාවරණය කළ අතර ධම්මික පෙරේරා මහතාට අයත් ආයතන තුළ ජවිපෙ වෘත්තීය සමිති පිහිටුවා ඇති බවක් දඑම ආයතන සමඟ සාමුහික ගිවිසුම්වලට එළැඹ ඇති බවක් ද කී අතර එම ආයතන තුළ වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ගනු ලබන්නේ ඉතා කලාතුරකින් බව ද කීය.අදාළ ව්‍යාපාරික ආයතනවල වෘත්තීය සමිති ක්‍රියාමාර්ග පාලනය කිරීම වෙනුවෙන්, එම සමාගම් විසින් ප්‍රකට හෝ අප්‍රකට අයුරින් වෘත්තීය සමිති අරමුදල් සඳහා ආධාර ලබා දෙන බව ද මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා සිය වීඩියෝව මගින් වැඩිදුරටත් අවධාරණය කළේය.