ලිට්‍රෝ ගෑස් මිල සංශෝධනය හෙට

ලෝක වෙළඳපොලේ පවතින මිල ගණන්වලට සාපේක්ෂව මෙවර ද ගෑස් මිල සංශෝධනය කිරීමට සැලසුම් කර ඇති බව ලිට්‍රෝ සමාගම පවසයි. එම මිල සංශෝධනය හෙට (04 )වන බදාදා දිනයේ ප්‍රකාශයට පත් කරන බව සමාගම වැඩිදුරටත් සඳහන් කරයි.මාසික ගෑස් මිල සංශෝධනයට අදාළ වාර්තා මේ වන විට මුදල් අමාත්‍යාංශයට යොමු කර ඇති අතර, එහි අවසන් වාර්තාව ජූනි 04 දිනයේදී ලැබීමට නියමිතව තිබේ. පසුගිය මාසයේදී ලිට්‍රෝ ගෑස් මිල සංශෝධනය නොකිරීමට පියවර ගෙන තිබිණ.මෙමමිල සංශෝධනය සඳහා ප්‍රධානම බලපෑම එල්ල කර ඇත්තේ මැදපෙරදිග ආතතීන් සහ හෝර්මූස් සමුද්‍ර සන්ධිය වසා දැමීම හේතුවෙන් ලෝක බලශක්ති සැපයුමට එල්ල වී ඇති බාධාවන්ය. එහි ප්‍රතිඵලයක් ලෙස සෞදි අරැම්කෝ සමාගම ජූනි මාසය සඳහා සිය නිල විකුණුම් මිල (OSඵ්) ඉහළ දමා ඇත.

කාලීන පුවත්