ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ඇතුළු සියලු පීඩාකාරී ක්‍රියාවන් අහෝසි කිරීම සහ රටේ සෑම ප්‍රදේශයකම ජනතාවගේ සිවිල් අයිතිවාසිකම් සහතික කරන බවට ජාතික ජන බලවේගය සිය ප්‍රතිපත්ති ප්‍රකාශය මගින් පොරොන්දු වී ඇති පසුබිමක, රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ දීර්ඝ කාලයක් රඳවාගෙන සිටීම පිළිබඳව ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය සිය ගැඹුරු කනස්සල්ල පළ කරන බව නිවේදනයක් මඟින් ප්‍රකාශ කිට සිටියි.සුරේෂ් සලේ මහතා අත්අඩංගුවේ සිටියදී ශාරීරික තුවාල සහ දැඩි මානසික පීඩාවන්ට ලක්ව ඇති බවට නීති උපදේශකයින් හා වෛද්‍ය නිලධාරීන් විසින් ඉදිරිපත් කරන ලද වාර්තා පිළිබඳව ද තම පක්ෂය දැඩි කනස්සල්ලට පත්ව සිටින බව පවසන ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය සිය නිවේදනයේ මෙසේ ද දක්වා තිබේ.
ජාතික ජන බලවේගය සිය ප්‍රතිපත්ති ප්‍රකාශය මගින් ලබා දුන් පොරොන්දුව පරිදි, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ඇතුළු සියලු මර්දනකාරී නීති වහා අහෝසි කිරීමට පියවර ගත යුතු බව අපි අවධාරණය කරමු.කිසිදු පුරවැසියෙකුට නීතිය ඉදිරියේ සාධාරණ නඩු විභාගයකින් තොරව දීර්ඝ කාලයක් රඳවා තබා ගැනීම සහ අත්අඩංගුවේ සිටියදී ශාරීරික හා මානසික වධහිංසාවලට ලක් කිරීම මූලික මානව හිමිකම් හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් සහතික කර ඇති සිවිල් අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමකි. සුරේෂ් සලේ මහතා සම්බන්ධයෙන් ඉදිරිපත් වී ඇති වෛද්‍ය හා නීති වාර්තා පිළිබඳ ස්වාධීන හා අපක්ෂපාතී පරීක්ෂණයක් වහා ආරම්භ කරන ලෙසත්, ඔහුට අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර සහ නීති ආධාර අඛණ්ඩව ලබා දෙන ලෙසත්, නීත්‍යානුකූල ක්‍රියා පටිපාටියට අනුව සාධාරණත්වය ඉටු කරන ලෙසත් අපි රජයෙන් ඉල්ලා සිටිමු.