නායයෑම් අනතුරු ඇඟවීම් තවදුරටත් දීර්ඝ කෙරේ

පවතින වර්ෂාව සැළකිල්ලට ගෙන ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතන නිකුත් කර ඇති නාය යාමේ අනතුරු ඇඟවීම් නිවේදනය තවදුරටත් දීර්ඝ කර ඇති බව එම ආයතනය සඳහන් කරයි.ඒ, අනුව අද  (14) දින පස්වරු 4.00 දක්වා එම අනතුරු ඇඟවීම් නිවේදන දීර්ඝ කර තිබේ.

කළුතර දිස්ත්‍රික්කයේ – පාලින්ද නුවර සහ අගලවත්ත

නුවරඑළිය දිස්ත්‍රික්කයේ – අඹගමුව

රත්නපුර දිස්ත්‍රික්කයේ – අයගම, පැල්මඩුල්ල, ගොඩකවෙල, ඇලපාත, කලවාන, රත්නපුර සහ නිවිතිගල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨස සඳහා මෙලෙස නාය යාමේ අනතුරු ඇඟවීම් දීර්ඝ කර තිබේ.ඒ අනුව ඉහත ප්‍රදේශවල ජීවත් වන ජනතාවට අවධානයෙන් පසුවන ලෙස ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය දැනුම් දෙයි.

මේ අතර ගොඩකවෙල ප්‍රදේශයේ මාකදුර බස්නකන්ද ප්‍රදේශයට බලපා ඇති නායයෑමේ අවදානම හේතුවෙන් එහි පදිංචි පවුල් හයක් ආරක්ෂිත ස්ථාන වෙත ඉවත් කිරීමට බලධාරීන් පියවර ගෙන තිබේ.ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සඳහන් කළේ, පවතින අධික වර්ෂාවත් සමග කඳු මුදුන ආශ්‍රිත ප්‍රදේශයේ විශාල ගස් කිහිපයක් ඉදිරියට ඇද වැටී ඇති බවයි.

එමෙන්ම ගල් පෙරළී යාමේ අවදානමක් ද මතුව ඇති බැවින්, අදාළ ප්‍රදේශයේ නිවාස හයක පදිංචිකරුවන් මෙලෙස ඉවත් කිරීමට තීරණය කළ බව සඳහන් වෙයි.

කාලීන පුවත්