පාසලේ උත්සවය ගැන ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරයාගෙන් ප්‍රතිචාරයක්

පාසල් සහ දරුවන් දේශපාලන ප්‍රවර්ධනයට අවභාවිත කරන “මජර සංස්කෘතිය” ජාතික ජන බලවේගය ප්‍රතික්ෂේප කළ බවත්, තමන් පාසලක සිදුකළ කතාවලින් දරුවන්ට නව දැනුමක් සහ නව ආකල්ප ලබාදුන් බවත් එය “නව දේශපාලන සංස්කෘතිය” බවත් ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූරියආරච්චි මහතා පවසයි.පාසලක අධ්‍යාපන කටයුතු පැය තුනකට අධික කාලයක් නතර කර උත්සවයක් පැවැත්වීම සම්බන්ධයෙන් එම උත්සවය අවසානයේ මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.
ප්‍රදේශයේ සංවර්ධන කටයුතු සඳහා නායකත්වය දීම දේශපාලන අධිකාරියේ වගකීම බව පෙන්වා දුන් සූරියආරච්චි මහතා, තමන් ඉටුකළේ එම වගකීම බව ප්‍රකාශ කළේය.උත්සවය වෙනුවෙන් පාසලේ අධ්‍යාපන කටයුතු නතර වූවත්, සිය කතාවලින් දරුවන්ට නව දැනුමක් සහ නව ආකල්ප ලැබුණු බව මන්ත්‍රීවරයා අවධාරණය කළේය. ජාජබ ප්‍රතික්ෂේප කරන්නේ දරුවන් දේශපාලන අවශ්‍යතා සඳහා යොදාගැනීම බවත්, තමන් කළේ දරුවන් දැනුම්වත් කිරීම බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියේය.ඒ අනුව දරුවන්ට නව දැනුම හා ආකල්ප ලබාදීම “නව දේශපාලන සංස්කෘතියේ” කොටසක් ලෙස සූරියආරච්චි මහතා හඳුන්වා දෙයි.

Ask Meta AI…

කාලීන පුවත්