සී.ඩී වික්‍රමරත්නගේ මරණයට හේතුව සොයා පොලිස් පරීක්ෂණ

මූලික මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදු කිරීමටත් පෙර ඇතැම් ජන මාධ්‍ය මඟින් දිවි නසා ගැනීමක් බව වාර්තා කොට තිබූ හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න මහතාගේ මරණය පිළිබඳ විමර්ශනයට විශේෂ පොලිස් කණ්ඩායම් දෙකක් යොදවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි.අද (17) උදෑසන හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න මහතාට තලාහේනේ පිහිටි සිය නිවසේ දී වෙඩි වැදී මිය යාම සම්බන්ධ විමර්ශන කිරීම පිණිස පොලිස් විමර්ශන ආරම්භ කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා දේහය මුල්ලේරියාව මූලික රෝහලේ තැන්පත් කොට ඇති අතර සිද්ධිය කිහිප දෙනෙකුගෙන්ම මේ වන විටත් ප්‍රකාශ සටහන් කරගෙන සති බව සඳහන් වේ.සී.ඩී වික්‍රමරත්න මහතා මිය යන විට 63 වන වියේ පසුවිය.2020 නොවැම්බර් 26 වනදා සිට 2023 නොවැම්බර් 25 වනදා දක්වා ඔහු පොලිස්පති ධූරයේ කටයුතු කළ අතර වික්‍රමරත්න මහතා මෙරට 35 වන පොලිස්පතිවරයා වෙයි.

කාලීන පුවත්