බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ නව මාධ්‍ය ප්‍රකාශක සේනක පල්ලේතැන්න

බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ නව මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස සේනක පල්ලේතැන්න මහතා අද (09) සිට ක්‍රියාත්මක වන පරිදි පත් කර තිබේ.දේශීය හා විදේශීය වශයෙන් මත්ද්‍රව්‍ය නිවාරණය සහ බන්ධනාගාර කළමනාකරණය පිළිබඳ පුළුල් අධ්‍යාපනික හා වෘත්තීය අත්දැකීම් සහිත ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වන ඒ මහතා, මීට පෙර මහර බන්ධනාගාර අධිකාරීවරයා ලෙසත් බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ පුහුණු අධ්‍යක්ෂවරයා ලෙසත් කටයුතු කර ඇත.ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වන සේනක පල්ලේතැන්න මහතා, කොළඹ විශ්වවිද්‍යාලයෙන් මත්ද්‍රව්‍ය දුර්භාවිතා අධ්‍යයනය පිළිබඳ ඩිප්ලෝමාව ලබාගෙන තිබේ. ඊට අමතරව ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයෙන් විශෝධනය සහ කාලවිශෝධන කළමනාකරණය (Correctional and Probation Management) පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාව හදාරා ඇති ඒ මහතා, මත්ද්‍රව්‍ය දුර්භාවිතය සහ පුනරුත්ථාපනය සම්බන්ධයෙන් ඉන්දියාව, තායිලන්තය, මැලේසියාව, මාලදිවයින සහ තුර්කිය යන රටවලින්ද ඉහළ පුහුණු පාඨමාලා රැසක් සාර්ථකව නිමකර ඇත.

බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ඉදිරි සන්නිවේදන ක්‍රියාවලිය විනිවිදභාවයෙන් හා කාර්යක්ෂමව පවත්වාගෙන යාම සඳහා ඒ මහතාගේ මෙම නව පත්වීම ප්‍රබල රුකුලක් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

කාලීන පුවත්